ඔක්කොම නොමිලේ ගන්න තියෙන කොට ඇයි මංකොල්ලකන්නේ ??
ඔබ දැනටමත් Windows හෝ එවැනි වාණිජ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන අයෙක් නම් "අපි නම් Windows වලට ගෙවලා නෑ" කියලා කියන අයෙක් වෙන්න පුළුවන්, චුට්ටක් හිතලා බලන්නකෝ ඒක ඇත්තමද කියලා..?
ඔබ භාවිතා කරන ලැප්ටොප් එක හෝ පරිගණකය Windows සමඟින් ආපු එකක් නම් අර කලින් post එකේදි රුකා කිව්ව වගේ ඔබ දැනටමත් ඔබේ පරිගණකයට වැය වුන මුදල වගේ දෙතුන් ගුණයක් මෙහෙයුම් පද්ධතියට ගෙවපු කෙනෙක්. මංකොල්ලකාපු Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන තරම් පහත් වැඩක් නොකරන කෙනෙක් නම් ඔබ ඔබගේ මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සෑහෙන්න ගාණක් Microsoft සමාගමට ගෙවපු කෙනෙක්.
ඉතිං ලිනක්ස් වගේ සියල්ල සපිරි මෙහෙයුම් පද්ධති ඕනෑ තරම් නොමිලේම ගන්න තියෙද්දි ඇයි නිකන් මුදල් නාස්ති කරන්නේ ?? එහෙමත් නැත්තම් ඇයි නිකරුනේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්නේ.
වෛරස් ගැන අමතක කරන්න!
වෛරස් ආසාදන නිසා ඔබගේ පරිගණකය ඔබ කීවතාවක් නම් format කරලා ඇද්ද...? මේ ජරා වෛරස් නිසා පරිගණකය භාවිතා කරන එක කී සැරයක් නම් එපා වෙලා ඇද්ද..?
ලිනක්ස් වලට ආපු දවසේ ඉදන් වෛරස් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා නිදහසේ පරිගණකය භාවිතා කරන්න ඔබට පුළුවන්.
Drivers නම් ඕනෙම නෑ!!
අළුතින් දෘඩාංගයක්... අඩුම ගානේ HSDPA Dongle එකක් පවා භාවිතා කරන්න යනකොට Drivers ගැටළු කීයක් නම් ඔබ අත්විදලා ඇද්ද..? ලිනක්ස් එක්ක මේ සියළුම Drivers ප්‍රශ්න අමතක කරලා දාන්න ඔබට පුළුවන්. ඇත්තටම දැනට අපි නිතර භාවිතා කරන සියළුම දෘඩාංග වලට අදාළ සියළුම Drivers ලිනක්ස් කර්නල් එකේ තියෙනවා. ඉතිං ඔබට අමුතුවෙන් Drivers ගැන ළතැවෙන්න ඕනේ නෑ.
පරණ පරිගණක වලිනුත් වැඩ ගන්න...
අපි දන්නවා Windows වල අළුත් සංස්කරණ එන්න එන්න ඒවා ඉල්ලන මූලික අවශ්යතාත් වැඩි වුනා. ඒක නිසා බොහෝමයක් දෙනාට එක්කෝ තමන්ගේ පරිගණකය වැඩි දියුණු කරන්න වුනා, නැත්තම් ඒ පරණ පරිගණකය විසි කරන්න වුනා. ඒත් ලිනක්ස් වැඩි දියුණු වෙන්න වෙන්න ඉල්ලන අවශ්යතා අඩු වුනා. කොටින්ම කියනවා නම් දැන් ලොකේ තියෙන අළුත්ම ලිනක්ස් සංස්කරණයක් එක්ක වැඩ කරන්න 256MB රැම් එකක් තියෙන පරිගණකයකටත් පුළුවන්. ඊටත් වඩා කොටින්ම කියනවනම් රුකාගෙ ඒ කියන්නෙ මගෙ පොඩි කාලෙ 2003දි වගේ මම use කරපු පරණ පරිගණකය පෙන්ටියම්4 256RAM එකටත් මං එඩිබුන්ටු කියන Linux base Free OS එක ගැහුව. භාවිතයෙන් පවා ඉවත් කර්ල තිබ්බ ඒක දැන් කිරිටොයියට වැඩ. ඉතිං එහෙව් එකේ මොකටද වැඩි මුදලක් දීලා ඉල්ලන් කන්නේ...?
අළුත් මෘදුකාංග හොයන්න වටේ යන්නේ ඇයි..?
Windows භාවිතා කරද්දි මොකක් හරි අළුත් මෘදුකාංගයක් ඕන වුනොත් දස අතේ හොයන්න වෙන බව කවුරුත් දන්නවනේ. ඉතිං ලිනක්ස් එක්ක නම් එහෙම වද විදින්න ඕනෙම නෑ. මෙහෙයුම් පද්ධතියක් එක්කම ලැබෙන තවත් මෘදුකාංග මගින් ඒ ඒ අවශ්ය සියළුම මෘදුකාංග එක ක්ලික් එකකින් ඔබට ලබාගන්න පුළුවන්.
එකින් එක විස්තර කරලා ලියන්න බැරිතරමට හේතු තියෙනවා ලිනක්ස් භාවිතා කරන්න. හරි තව ටිකක් කෙටියෙන්ම ලියන්නම්කෝ.....
- පරිගණකය සමඟ වේගයෙන් වැඩ කරන්න.
- අවශ්ය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරගන්න.
- අදාළ සියළුම උපදෙස් නොමිලේම ලබාගන්න.
- කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කරගන්න.
- පද්ධතියේ ස්ථවාර බව වැඩි කරගන්න.
ඔබට දැනටමත් Windows අතඇරගන්න බැරි විශේෂ මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා.
එහෙනම් එන්න ලිනක්ස් ලෝකෙට....!
මං කිව්වේ උබුන්ටු ලෝකෙට...
මොකෝ ඉතින් ලින්ක්ස් සහ උබුන්ටු කියන්නෙ අපෙ වචන වලින් නම්,
Need For Speed සහ Most Wanted වගේ...
නැත්නම් ඉස්කෝලෙ සහ පංතිය වගේ...
තේරුනාද මන්ද...
ඒත් නැත්නම් කෙලින්ම කියන්නම්කො...
උබුන්ටු කියන්නෙත් ලින්ක්ස් වලම කෑල්ලක් තමා...
ඒ කියන්නෙ ලින්ක්ස්ම සංස්කරණය කරපු තවත් ඩිස්ට්‍රෝවක්...
ආහ්! ඊලග පෝස්ට් එකෙන් install කරන හැටි කියන්න හිටියෙ...
හොද වෙලාවට මතක් උනේ...
ඊට කලින් අපි ඩිස්ට්‍රෝ ගැන කතා කරන්න ඕනෙ...
මොකෝ ඒ ගැන අදහසක් නැතුන් ඉස්සරහට යන්නනම් අමාරුයී...
හරි හරී... ඒකෙන් පස්සෙ කෙලින්ම ගේමට බහිමු...
එහෙනම් අපි දැන්වත් හරි දේ කරමු....
අපි කිව්වට මම නම් කරා... dual boot කර කර හිටිය මමත්,
අමාරුවෙන් windows අතෑරලම දැම්මා...