ඉගෙන ගමු !

Free OS ගැන අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් අහල අපිත් ඉගෙනගමූ...

උගන්නමු !

Linux, Ubuntu වගෙ දේ ගැන අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් අපෙ යාලුවන්ටත් කියල දෙමු...

සම්ප්‍රදායෙන් පිට පනිමු!

Windows, Windows, Windows කියල ඕකම බදාගෙන ඉන්න සමාජෙ ඇතුලෙ, අපි ඊට පිටින් ටිකක් වෙනස් දෙයක් කර්ල බලමු?

නිදහස් වෙමු!

හයියෝ සමහරු virus කියයි, ලැපට පෙන් එකක් ගහන්න බයයි, slow වෙලා කියල නහයෙන් අඩයි! අපි ඔය ප්‍රශ්න ඔක්කොම අතාරිමූ...

අත්හදා බලමු !

OS එක මාරු කරනව කියන්නෙ මහා ලොකු අමාරු දෙයක් වගේ සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලල තහවුරු කරගමු...

Sunday, January 29, 2017

උබුන්ටු වලට සිංහල උනිකේත ඒ කියන්නෙ අර ඇන්ඩ්‍රොයිඩ් හෙලකුරු වගේ එක අන්න ඒක දාගෙන ඉමු දැන්!

කැම්පස් ලයිෆ් එකේ හිරවුනු කාලය අතරතුරෙ කාලෙකින් ආයෙත් මේ පැත්තෙ ආව, කට්ටිය කියන්නෙ උබුන්ටු හරියන් නැත්තෙ අරක බෑ මේක බෑ කියලනෙ, ප්ලේයර් නැ අරක නෑ මේක නෑ ගානවනෙ, ඒ හැමදේම හෙමින් කියල දෙන්නම්... අද සිංහල unicode දාන එක ගැන කතා කරමු එහෙනම්...
ඉතින් උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න එක නම් හරිම ලේසි වැඩක්. සමහර අය දැනටමත් සිංහල යුනිකේත දාගෙනත් ඇති. තාම දාගන්න බැරි වුන අය පහත උපදෙස් පරිදි සිංහල යුනිකේත ඔයාලගේ උබුන්ටු පද්ධතියට දාගන්න.


  1. සිංහල යුනිකේත සටහන් ලබා ගන්න.
    මේ සඳහා ඔබ කල යුත්තේ පහත කොටුව තුල ඇති විධානය ටර්මිනල් එකක copy & paste කරගැනීම. මෙය සුපර් යූසර් කමාන්ඩ් එකක් බැවින් මෙය භාවිතා කිරීමට ඔබගේ පද්ධතියේ පාස්වර්ඩ් එක අවශ්‍යය වේ. එය ලබා දෙන්න.
    sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
    

  2. යුනිකේත වැඩ කරන ආකාරයට සකස් කර ගන්න.
    ඉන්පසු පහත කොටුව තුල ඇති විධානය ටර්මිනලයට copy & paste කර enter කරන්න. මේ සඳහා ඔබට සුපර් යූසර් වීමට අවශ්‍යය නොවේ.
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus

    ඉන්පසු පද්ධතියෙන් log-out වී නැවත log-in වීමට සිදුවේ. නැවත restart කිරීම අවශ්‍යය නොවන අතර සාමාන්‍යය ලෙස log-out වී log-in වන්න.

  3. යතුරු පුවරුව සකසා ගන්න.
    මේ පියවර අත්‍යවශ්‍යය නොවන නමුත් ඔබගේ යතුරුපුවරුවේ configuration එක පිළිබඳව දැනුවත් වීම හොඳය. යතුරුපුවරුවේ වෙනස් කරගැනීමට පහත විධානය ලබා දෙන්න.
    ibus-setup
    එවිට පහත රූප වල ඇති පරිදි නව වින්ඩෝවක් මතුවේ. රූප වල තිබෙන පරිදි වෙනස් කම් සිදු කරගන්න.
    ibus-setup

    මෙහි 1 යනුවෙන් රතු පාටින් දක්වා ඇති ස්ථානයේ ඇත්තේ සිංහල යුනිකේත ටයිප් කිරීමට අවශ්‍යය වූ විට එයට මාරු වන Keyboard short cut එකයි. මං මෙහිදී ලබා දී ඇත්තේ ctrl සම්ඟ space යතුරු තද කිරීමයි. ඔබට අවශ්‍යය යතුරු සංයෝජනය ලබා දීමට පුලුවනි.

    මෙම වින්ඩෝවේ අනිත් ටැබ් දෙකෙහි රූප සටහනක් පහත දක්වා ඇත. මේවා වෙනස් කිරීම අවශ්‍යය නොවේ.
 මේ විදිහට ඉතාම පහසුවෙන් ඔබේ උබුන්ටු පරිගණකයට සිංහල යුනිකේත ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. දැන් සිංහලෙන් ටයිප් කරන්න ඕනේ වුනාම කරන්න තියෙන්නේ ctrl සමඟ space යතුරු තද කරන එක විතරයි.



එහෙනම් රුකා කැපුනා... ජය වේවා!

Like and Follow on Facebook