ඉගෙන ගමු !

Free OS ගැන අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් අහල අපිත් ඉගෙනගමූ...

උගන්නමු !

Linux, Ubuntu වගෙ දේ ගැන අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් අපෙ යාලුවන්ටත් කියල දෙමු...

සම්ප්‍රදායෙන් පිට පනිමු!

Windows, Windows, Windows කියල ඕකම බදාගෙන ඉන්න සමාජෙ ඇතුලෙ, අපි ඊට පිටින් ටිකක් වෙනස් දෙයක් කර්ල බලමු?

නිදහස් වෙමු!

හයියෝ සමහරු virus කියයි, ලැපට පෙන් එකක් ගහන්න බයයි, slow වෙලා කියල නහයෙන් අඩයි! අපි ඔය ප්‍රශ්න ඔක්කොම අතාරිමූ...

අත්හදා බලමු !

OS එක මාරු කරනව කියන්නෙ මහා ලොකු අමාරු දෙයක් වගේ සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලල තහවුරු කරගමු...

Wednesday, December 14, 2016

මුලින්ම කරන්නෙ මොනාද? හිතන්න දෙයක් නෑ... මෙහෙම පටන්ගමුකො!

අන්තිම ලිපිය දාල හුග දවසක් වුනා. මේ දවස් ටිකේ කැම්පස් පටන්ගත්ත වැඩත් එක්ක පට්ටම busy උනා. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව.

හරි ඉතින් දැන් කට්ටියම දාගත්ත උබුන්ටු එක අප්ඩේට කරගෙන හෝ ගාල උබුන්ටු වලින් වැඩ ගන්නව ඇතිනේ. අපි අද බලමු අපේ මේ උබුන්ටු ලස්සනට වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්න උදව් වෙන උපකාර ටිකක් ගැන.


  1. Update & Upgrade
    දැනටමත් දාගත්ත උබුන්ටු ඔයගොල්ලෝ අප්ඩේට කරලා ඇති. ඒත් හැමදාම වගේ අප්ඩේට් කරන එකත් හොඳ පුරුද්දක්. මොකද ගොඩාක් උබුන්ටු අප්ඩේට්ස් මෙගා බයිට් (MB) ගනන් ඒවා නොවන නිසා, මේ පොඩි අප්ඩේට් එකෙන් ඔයාලට ඔයාලගේ උබුන්ටු up to date තියාගන්න පුලුවන්. ඒ වගේම සතියකට සැරයක් විතර අප්ග්‍රේඩ් කරන්නත් පුරුදු වෙන්න. මෙන්න මේ කමාන්ඩ් එකෙන් මේ වැඩ දෙකම එක පාර  බොහොම ලේසියෙන් ඔයලාට කරගන්න පුලුවන්. terminal එකේ තමා ගහන්නෙ ඒව ගැන දැන් ආයෙ කියල දෙන්න යන් නැ හොදේ... දන් නැත්නම් කලින් ලිපි බලල එන්න...
    sudo apt-get update && sudo apt-get upgrade
    ටර්මිනල් එක ඕපන් කරලා මේ කමාන්ඩ් එක copy & paste කරන්න. ඊට පස්සේ එන්ටර් කරලා ඔයාගේ රූට් පාස්වර්ඩ් එක දෙන්න එච්චරයි.
  2. Install media codecs.
    සමහර මීඩියා ෆයිල්ස් බලන්න හදන කොට codecs නෑ කියලා වින්ඩෝස් වලදී පවා errors එනවනේ. උබුන්ටු වලට ඔය අමතර codecs එකතු කරගන්න පහල රූපය ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක හරහා බොහොම ලේසියෙන්ම ඒවා ඉන්ස්ටෝල් කරගන්න පුලුවනි. දැනටමත් ඔයා මේ ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නේ ආයේ ඉන්ස්ටෝල් කරන්න යන්න ඕනේ නෑ.
  3. Install Ubuntu Restricted Extras
    ඇත්තටම අමතර උබුන්ටු පැකේජ කිහිපයක් ඉන්ස්ටෝල් කරගත්තම අපේ උබුන්ටු පද්ධතියෙන් හොඳට වැඩ ගන්න පුලුවන්. ටර්මිනල් එකේ මේ විදිහට කමාන්ඩ් කරන්න.
    sudo apt-get install ubuntu-restricted-extras
    මේ අමතර පැකේජ නිසා ඔබට උබුන්ටු පාවිච්චි කරද්දි මතුවූ ගැටළු රාශියක් විසඳගන්න පුලුවන් වෙයි.
  4. Customize desktop
    උබුන්ටු වලදී අපේ ඩෙක්ස්ටොප් එක අපිට ඕනේ හැටියට වෙනස් කරගන්න පුලුවන්. ඇත්තටම අනෙක් කාටවත් නැති ඔයාලටම ආවේනික විදිහට ඔයගේ ඩෙක්ස්ටොප් එක ඔයාම් හදාගන්න. මේ වැඩේ හරිම ලෙසී. මුලින්ම මේ ලිපියෙන් කියවුන පරිදී Configuration Button එක ක්ලික් කර එහි තිබෙන System Settings කියන මෙනුවට යන්න ඉන්පසු එම මෙනුවේ ඇති Appearance කියන එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ පහත ආකාරයේ තිරයක්.

    දැන් ඉතින් කරන්න ඕනේ දෙවල මං කියලා දෙන්න ඕනේ නෑනේ. හිතේ හැටියට ඔයගේ ඩෙස්ක්ටොප් එක ඔයාම වෙනස් කරගන්න.
  5. Install Tweak
    උබුන්ටු ටුවීක් කියලා කියන්නේ උබුන්ටු කාටත් ලේසියෙන් configure කරගන්න පුලුවන් වෙන්න හදපු UI එකක්. මේ tweak භාවිතයෙන් ඔයාලට බොහොම ලේසියෙන්ම ඔයාලගේ උබුන්ටු configure කරගන්න පුලුවන්.
    මේක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් තමා මං ඉහත සඳහන් කරලා තියෙන tweak home page එකෙන් බාගන්න එක. අනිත් ක්‍රමේ එහෙමත් නැත්තම් ලේසිම ක්‍රමේ තමා මෙන්න මේ පහත තියෙන කමාන්ඩ් ටික පිළිවෙලින් ටර්මිනල් එකක copy & paste කරගැනීම.
    sudo add-apt-repository ppa:tualatrix/ppa
    sudo apt-get update
    sudo apt-get install ubuntu-tweak
    මේ ලිපියෙන් උබුන්ටු ටුවීක් ඉන්ස්ටෝල් කරගන්න හැටි විතරක් කියලා දෙන්නම්. උබුන්ටු ටුවීක් වලින් අපේ උබුන්ටු වැඩ ලේසියෙනම කරගන්න හැටි වෙනමම ලිපියකින් කියලා දෙන්නම්කෝ. එතකන් බලන් ඉන්න එපා ඉතින් පුලුවන් විදිහට අත්හදා බැලීම කරන්න. සමහර විට වරදීවී ඒත් එහෙම වැරදිලා ඉගෙන ගන්න දෙයක් ආයේ කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ.
  6. Install gadgets.
    උබුන්ටු වලටම හදපු ගැජට් සිය දහස් ගානක් තියෙනවා. මං ජනප්‍රිය ගජට් එකක් දෙකක් දාගන්න හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට ඕනේ ඕනේ ගැජට් ඔයාලම දාගන්නකෝ.
    මේ දාගන්න ගැජට් task bar එකේ තමා පෙන්නන්නේ. අපි දැන් System Load Indicator ගැජට් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා බලමු. මං යන්නම් මට පුරුදු ලේසිම ක්‍රමේට. පහත් සඳහන් කමාන්ඩ් ඔබගේ ටර්මිනලයේ copy & paste කරන්න.
    sudo add-apt-repository ppa:indicator-multiload/stable-daily
    sudo apt-get update
    sudo apt-get install indicator-multiload
    වැඩේ ඉවර වුනාම උබුන්ටු වල dash board එක ඕපන් කරලා System Load Indicator කියලා type කරලා බලන්න. එතකොට අපි ඉන්ස්ටෝල් කරගත්තු මේ ගැජට් එක පෙන්නයි. ඊට පස්සේ ඒක ක්ලික් කරලා launch කරන්න. එච්චරයි.
    මෙන්න මේ වීඩියෝ දෙකත් බලන්නකෝ. බලලා ඔයාලත් මේ වගේ දෙයක් කරන්න උත්සහ කරන්නකෝ.


  7. Google voice and video plugin ඉන්ස්ටෝල් කරගැනීම.
    ඔයාලත් gmail හරි google+ හරි භාවිතා කරන කෙනෙක් නම් මේක ගොඩාක් වැදගත් වේවී. මෙම ගූගල් plugin නැතුව අපිට gmail එකේදීවත් google+ එකේදීවත් වීඩියෝ චැට් කරන්න බෑ. ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ පහත තියෙන රූපය ක්ලික් කරලා ගිහින් ඔයාගේ උබුන්ටු වල බිට් වර්ශන් එක තෝරලා අදාල එක බාගන්න එක විතරයි. බාගත්තට පස්සේ ඒ .deb ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. දැන් වැඩේ හරි.
    Click to download
  8. Install google-chrome
    උබුන්ටු වල තියෙන default web browser එක තමා Firefox . ඒත් මං අර කලින් දවසක කිව්වා වගේ google-chrome එකත් උබුන්ටු වල හොඳට වැඩ. මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ උබුන්ටු වල බිට් වර්ශන් එක තෝරලා බාගන්න.
    ඊටපස්සේ ඒ බාගත්ත .deb ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. දැන් ඔයගේ උබුන්ටු වල google chrome browser එකත් වැඩ කරනවා.
  9. Install flash
    තාමත් flash ඉන්ස්ටෝල් කරගන්න බැරි වුනා නම් පහත රූපය ක්ලික් කරන්න.


  10. Enable 'Show Remaining Space Left' Option in Nautilus File Browser 
    උබුන්ටු වල default file browser එක තමා Nautilus කියන්නේ. ඒක භාවිතා කරද්දි ඉතුරු වෙලා තියෙන ඉඩ පෙන්නන විදිහට හදන හැටි තමා දැන් කියලා දෙන්නේ.
    මේක හරිම ලේසි Nautilus ඕපන් කරලා ඒකේ වමේ ඉහල  කෙලවරේ ඇති view මෙනුව ක්ලික් කර එහි ඇති statusbar කියන එක ක්ලික් කරන්න. පහත රූපයේ ඇති පරිදි.
 අද නම් කියලා දුන්නේ බොහෝම ලේසි මුලීක දේවල් කිහිපයක් විතරයි. ඔබත් මේ සියල්ලම අත්හදා බලන්න. උබුන්ටු ගැන තවත් අලුත් දෙයක් එක්ක මීළඟ ලිපියෙන් හම්බවෙමු. ජය වේවා....!

Sunday, December 11, 2016

පොඩි දළ අවබෝධයක් ගමු වින්ඩෝස් වලින් වෙනස් වෙන තැන් ගැන...

දැන් ඔබ උබුන්ටු ඔබගේ පරිගණකයට සාර්ථකව ස්ථාපනය කරගෙන ඉවරයිනේ. පහත රූපයේ තිබෙන්නේ උබුන්ටු ආරම්භක තිරයයි.


  1. Configuration Button: මෙය මත ක්ලික් කල විට පහත අයුරින් උප මෙනුවක් ලැබෙනු ඇත.

    මෙහි "System Settings" යනුවෙන් සදහන් කර ඇති ස්ථාප්නයෙන් ඔබේ උබුන්ටු පරිගණකයේ සියලුම ඔබට ඕනෑ පරිදි වෙනස් කරගත හැක. ඔබගේ උබුන්ටු පද්ධතිය යාවත්කාලීන කරන්න. ඔබගේ තිර කළමනාකරණය කරගන්න වගේ වැඩ ගොඩාක් මේ මෙනුව භාවිතයෙන් කරගන්න පුලුවන්. අපි ඒවා ගැන පසුව එකින් එකින් විස්තර වශයෙන්ම කථා කරමු. දැනට මෙතනින් "Log Out", "Shut Down", "Hibernate", "Lock Screen" වැනි මූලික යෙදුම් කරගන්න පුලුවන් කියලා විතරක් මතක තියා ගන්නකෝ.
  2. මෙතනින් තමා මේ මොහොතේ පරිගණකය භාවිතා කරන පරිශීලකයා පෙන්වන්නේ. මේක හරිම ප්‍රයෝජනවත් මෙනුවක්. මෙතනින් ඔබේ සියලුම සමාජ ජාලා සමඟ Chat කරන්නත් පුලුවන්. ඒක කරන හැටි පස්සේ කියලා දෙන්නම්කෝ.
  3. ඔරලෝසුව.

    මේකෙන් ඔරලෝසුවයි දින දර්ශනයයි දෙකම බලාගන්න පුලුවන්. ලෝකයේ විව්ධ රට වල වේලාවන් දක්වන ආකාරයට මේක හදා ගන්නත් පුලුවන්. හරියට වින්ඩෝස් වල වගේ.
  4. ඔව් මේක පරිගණකයේ ශබ්දය පාලනය කරන තැන තමා. ඒත් මේක වින්ඩෝස් වල වගේ නිකන්ම නිකන් ශබ්ද පාලකයක් නෙවේ. ඔබේ Media Player එක ලෙස වැඩ කිරීමටත් මෙතනින්ම පුලුවන්. අනවශය විදිහට වින්ඩෝ විවෘත කරගන්නේ නැතුව සිංදු අහන වැඩේ මේකෙන් කරගන්න පුලුවන්.
  5. ජාල කළමනාකරු:
    අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මෙතනින් පුලුවන්. රැහැන් සහිත හෝ රැහැන් රහිත මේ ඕනෑම ආකරයටත් USB Dongle භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් මෙතනින් පුලුවන්.
  6. බැටරි තත්ව ප්‍රදර්ශකය.
    ඔබ භාවිතා කරන්නේ ලැප්ටොප් පරිගණකයක් නම් මෙම ගැජට් එක ඔබට ගොඩාක් ප්‍රයොජනවත් වෙවි.
  7. ඔබෙ විද්යුත් ලිපි පිළිබඳ අලුත්ම තත්වය මෙතනින් බලාගන්න පුලුවන්. ඒ වගේ ඔබේ උපාංගයේ තත්වය, භාවිතා කරන භාෂාව වගේ ගොඩාක් විස්තර මෙම Task Bar එකේදිම බලාගන්න පුලුවන්.
  8. මේක තමා උබුන්ටු "Dash Home" එක. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මේක  හරියට වින්ඩෝස් වල එක වගේම තමා. මෙතනින් ඔබට අවශය මෘදුකාංග, ෆයිල් වගේ දේවල් දියත් කරන්න පුලුවන්. මේ තියෙන්නේ Dash home එක.
  9. වින්ඩෝස් වල වගේ නෙවේ උබුන්ටු වලදි වැඩ බිම් (Work Space) කිහිපයක් භාවිතා කරලා වැඩ කරගන්න පුලුවන්. එක විට ගොඩාක් වින්ඩෝ සමඟ වැඩ කරන්න වෙන කොට මෙහෙම work space කිහිපයක් භාවිතා කිරීම හරිම ප්‍රයෝජනවත්. ඔබේ work space අතර මාරු වෙන්න මෙතනින් පුලුවන්.
මේවා ඉතින් මෙච්චර පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ දේවල් නම් නෙවේ. ඒත් මං එහෙම කරේ අතිශයින්ම උබුන්ටු වලට ආධුනිකයෙකුට වුනත් තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕනේ නිසයි.
එහෙනම් ඉතින් උබුන්ටු වලින් වැඩ ගන්න හැටි ගැන ඊළඟ ලිපියෙන් කථා කරමු ඉක්මනින් ආ...

Tuesday, November 22, 2016

දැන් කොහොමද ඉතින් වැඩ දාන්න පටන්ගන්නේ? මේන් මෙහෙම...

දැන් ඉතිං කලින් ලිපි බලලා උබුන්ටු  දාගත්ත කට්ටිය මට බැන බැන ඇති කෝ මේ මගුලෙන් මුකුත් කරගන්න බෑනේ. අඩු ගානේ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්නවත් බෑනේ කියලා. හරි අපි අද බලමු උබුන්ටු වලින් වැඩ ගන්න හැටි.
මුලින්ම කියන්න ඕනේ උබුන්ටු ඉන්ස්ටෝල් කරපු ගම්න්ම සිංදු අහන්න ෆිල්ම් බලන්න බැරි උබුන්ටු වල වරදක් නිසා නෙවේ. ඔයාලට මතක ඇති install කරද්දි හරි දාන්න තිබ්බ තැන්කදි updates එවෙලෙම online install කරන්නද පස්සෙ කරන්නද ඇහුවා... connection slow නම් පස්සෙ කරමු කිව්වනේ... අන්න එහෙම පස්සට වැඩේ කල් දාපු අයට තමා මේ අවුල ආවනම් එන්න ඕනෙ... ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරපු ෆයිල් වල Size එක අඩුයි උබුන්ටු වල. ඒකයි මෙ අවුලට හේතුව. විසදුම තමා දැන් යාවත්කාලීන (Update) කිරීම.

වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ Update එකට 450MB - 500MB ක් විතර යනවා. ඒ වගේම ඔයගේ එකේ වේගය අනුව සැලකිය යුතු කාලයකුත් යනවා. ඒක දැනගෙනම වැඩේ පටන් ගමුකෝ එහෙනම්.

මේක කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා.




පළවෙනි ක්‍රමය
මුලින්ම ඇණ ගෙන කරගන්න විදිහ කියන්නම්..
ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි ඕපන් කරන්න ගියාම වෙන ප්‍රශ්නෙන්ම පටන් ගන්නම්...
ඕඩියෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඕපන් කරන්න ගියාම මුලින්ම මේ වගේ වින්ඩෝ එකක් එයි..


එහෙම ආවම පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව Search කියලා තියෙන බටන් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එයි.


මේක එන්නේ අපේ උබුන්ටු පැකේජ් ලිස්ට් එක අප්ඩේට කරන්න කියලා. මොකද පැකේජ් ලිස්ට් එක අප්ඩේට් නොකර අපිට අවශ්ය Plugins ඉන්ස්ටෝල් කරන්න බෑ.. එහෙනම් ඉතින් පැකේජ් ලිස්ට් එක අප්ඩේට් කරමු.


මේ වැඩේට ටිකක් වෙලා යයි. වැඩේ ඉවර උනාම ඔක්කොම හරි. ආයේ Plugins අප්ඩේට් කරන්න ඕනේ නෑ. පැකේජ් ලිස්ට් එක අප්ඩේට් වෙද්දි අවශ්ය Plugins ටිකත් නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා.




දෙවෙනි ක්‍රමය
දැන් බලමු උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකෙන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.
Ubuntu Software Center කියන්නේ අපේ උබුන්ටු වලට  ඕනේ කරන හැම සොෆ්ට්වෙයා එකක්ම එක ක්ලික් එකකින් ගන්න පුලුවන් තැන. ඔයාල Android භාවිතා කරන කෙනෙක් නම් Android App Market කියන එක දන්නවා ඇතිනේ.. මේකත් ඒ වගේ එකක් තමා.

මුලින්ම Dash Home එකේ Ubuntu Software Center කියලා ටයිප් කරන්න. මගේ මේ ලිපියේ තියෙන විදිහට හරි යතුරු පුවරුවේ වින්ඩෝස් යතුර ඔබලා හරි Dash Home එකට යන්න පුලුවන්.


මේ තියෙන්නේ උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක. මේකෙ තියෙන මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්න හදන කොට Cache එක අප්ඩේට් කරන්න කියලා එයි. ඊට පස්සේ ඉතින් Cache එක අප්ඩේට් කරලා අනිත් අවශ්ය සොෆ්ට්වෙය ටිකත් ඔතනින්ම දාගන්න පුලුවන්. උබුන්ටු වල භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද..? ඒවා දාගන්නේ කොහොමද කියලත් රුකා වෙනමම ලිපියක් ඉක්මනින්ම ලියන්නම්.




තුන්වෙනි ක්‍රමය
මීලඟට කියන්න යන්නේ මේ වැඩේ කරන්න තියෙන ලේසිම ක්‍රමේ ගැන. ඒ කියන්නේ ටර්මිනල් එක භාවිතා කරලා මේ වැඩේ කරන හැටි ගැන.
ටර්මිනල් එක භාවිත කරලා වැඩ කරගන්න එක හරිම ලේසි වැඩක්. ඒත් කට්ටිය හරි බයයි ටර්මිනල් එකට. ආහ් කියන්න අමතක උනානෙ Terminal එක කියන්නෙ මොකක්ද කියලා...
හරියට අර windows වල නම් command prompt එක තියෙන්නෙ... අන්න ඒ වගේ සිඉන් එකක් තමා මේ..
හරි Dash Home එකට ගිහින් Terminal කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ටර්මිනල් එක ඕපන් කරගන්න.
පහට තියෙන විධානය ඒ විදිහටම ටයිප් කරන්න. ඔය " " කියන ටික ඇතුලෙ ඒව විතරයි ඈ...

"sudo apt-get update"
ඊට පස්සේ අපේ පාස්වර්ඩ් එක ඉල්ලයි. අපේ සිස්ටම් එකේ පාස්වර්ඩ් එක ට්යිප් කරන්න. මෙතනදි පොඩි ගැටළුවක් එයි, අපි ට්යිප් කරන පාස්වර්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් වෙනවා පෙන්නේ නැති වෙයි. ඒකර බය වෙන්න එපා. ඒක උබුන්ටු වල අංගයක්. අපි පාස්වර්ඩ් එක ටයිප් කරද්දි මුකුත් පෙන්නෙ නැති වුනාට ඇත්තටම අපේ පාස්වර්ඩ් එක ටයිප් වෙනවා. හරියට පාස්වර්ඩ් එක ටයිප් කරලා Enter කරන්න.  
 
ඊට පස්සේ මේ විදිහට වැඩේ සිද්ධ වෙයි.


රූපයේ මුලින්ම තියෙන එක බලන්න. මං මගේ පාස්වර්ඩ් එක වැරදියට ටයිප් කරාම ආයෙත් පාස්වර්ඩ් එක ඉල්ලනවා. මං මෙහොම වැරදියට ටයිප් කරේ මේ පාස්වර්ඩ් එක ටයිප් කරද්දි පෙන්නේ නැති සිද්ධිය හොඳින් පෙන්නලා දෙන්න. ඔයාලා හරියට පාස්වර්ඩ් එක ගහලා Enter කරන්න.

එහෙනම් ඉතින් මේ ක්‍රම 3න් එකකින් හරි 3න්ම හරි ඔයාගේ උබුන්ටු අප්ඩේට් කරගෙන උබුන්ටු වල වැඩ ගන්න පටන් ගන්න පටන් ගමු සත්තලනේ... ලේලෙවල් සර් ඉස්සරහා උගන්නනව බං... ඔව් ඔව් පංතියේ ඉන්න ගමන් තමා මේ කොටන්නෙ... ඔන්න අපිට interval... එහෙනම් මාත් විවේකයක් අරන් එන්නම්කො උඹලත් update එහෙම කරන් විවේකෙන් ඉදහල්ලකෝ වැඩ කරන හැටි කියාදෙන්නම් තව ටිකක් ලගදිම... එහෙනම් අදට බායී...

Friday, November 18, 2016

අන්තිම ක්‍රමය! Dual Boot ක්‍රමයට උබුන්ටු Install කරන හැටි කියන්නයි දැන් හදන්නේ...

මෙහෙමයි මේ ගැන නම් වැඩිය ඇද ඇද කතා කර කර ඉන්න බලාපොරොත්තුවක් නෑ... ක
මොකද කලින් දෙක කියෙව්ව නම් හරියට ඕනෙ කෙනෙක්ට දැන් තියරිය එලටම තේර්න්න ඕනෙ... තේරුන් නෑ කියල හිතෙනවනම් වැඩේට අත ගහන්න කලින් ආඅයි ආයි කියවල ඉන්න... මොකෝ මේ ඔපරේශන් සිස්ට්ම් එකත් එක්කනෙ අපි සෙල්ලම් කරන්නෙ...
හරි වැඩේ ගැන බලමු!

 
මෙතනදි කරන්නෙත් පළවෙනි ක්‍රමයට කරපු දේම තමයි.පළවෙනි එකේ ගනිපු උදාහරණෙම මම මේකටත් ගන්නම්. අපි හිතමු අපට ඔන අපේ 320 Gb hard disk එක 100gb කොටස් දෙකයි 60gb කොටස් දෙකකටයි partition කරල් එක 60 gb කොටසකට වින්ඩෝස් හා අනික් 60gb කොටසට උබුන්ටු දාගන්න ඔන කියල. එතකොට අපි හදාගන්න ඔන partition ප්‍රමාණය.
100 gb – දෙකයි
60 gb – එකයි (windows සඳහා)
ඉතුරු 60 gb partition කරල කලින් දෙවෙනි එකෙදි රුකා කිව්ව වගේ උබුන්ටු වලට කොටස් තුනක් හදා ගන්න ඕන.
x gb -1
y gb -1
z gb -1
 
වැදගත්ම දේ මෙන්න මේකයි...
මුලින්ම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ වින්ඩෝස් ඒක අනිවාර්‍යයි.
 
වැඩේ ලේසි වෙන්න මෙන්න මේ විදියට කරන්න.
වින්ඩෝස් දානකොට hard disk එක 100gb -2 , 60 gb -2 කොටස් වලට partition කරල එක 60 gb එකකට windows දාන්න. 
ඊළඟට Ubuntu දාන කොට පරිස්සමින් අනිත් 60 gb partition එක තෝරල එක අයෙත් කොටස් තුනකට (root,boot හා swap සඳහා)  partition කරල කලින් ක්‍රමේදි කියල දුන්න පිළිවෙලට දිගටම කරගෙන යන්න... ආය කියල දෙන්න දෙයක් නැනෙ... වෙනස ඔච්චරයී... පොඩියෙන්ම කිව්වට මෙන්න මේ ක්‍රමේ තමා මං නවකයෙක්ටනම් සුදුසුම දේ කියල හිතන්නෙ... අරව කලින් දැම්මෙ එතකොට ඒවත් කියවනවනෙ, හොද අවබෝදයක් ගන්න පුලුවන්නෙ.. අවසානෙ මේ පියවරට එද්දි එතකොට එල මීටරේකින් එන්නෙ.. නැත්නම් මට මතකයි දවසක් මම උබුන්ටු හදුන්වා දුන්නම ට්‍ර්යි කරන්න යද්දි පොඩි පොඩි හිරවීම් ආව සමහරුන්ට... 
නැද්ද බං සංකෙ?
හරී... එහෙනම් ඔන්න දැන් තියෙන්නෙ වැඩ දාන්න තමා... 
පොඩ්ඩක් අත පත ගාල සෙ වෙයල්ලකො වැඩේට...
එහෙනම් රුකා කැපුනෝ...
ටටා....

සම්පූර්ණයෙන්ම උබුන්ටුම විතරක් වෙන්න Install කරන හැටි කියන්නයි හදන්නේ...

දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ  ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. නැත්නම් "නෑ..." ගාන් නැතුන් කලින් ලිපි කියවල එන්න ගිහින් කියලනෙ අපි අතිම පෝස්ට් එක පටන්ගත්තේ... ඒ උනාට CD එක විතරනෙ ඕනෙ උනේ... අර කලින් පෝස්ට් එක්ක කිව්ව පෙන් එක බූටබල් කරගන්න සීන් එක මතකනේ... අන්න එහෙම කරගත්ත පෙන් එක්කින් වැඩේ කරන හැටි ගැන කිව්වෙ නෑ කියල මට හිතෙනවා... මේකයි සීන් එක... ඒකෙ මහ දෙයක් නෑ... boot order එකේ උඩින්ම රොම් එක තියෙද්දි සීඩී එකෙන් බූට් උනා වගේම තමා usb දුන්නම පෙන් එකෙන් බූට් වෙනවා... ඒ ඕඩර් එක හදන හැටි නැත්නම් පෙන් එක බූටබල් කරගන්න හැටි එහෙම වගේ ඒව අමතක අය ඉන්නවනම් ආයෙ පොඩ්ඩක් මෙන්න මේක බලලම එන්නකෝ...

හරි එහෙනම් අපි පටන් ගමු.
 මේකෙදි කම්පියුටර් එකේ තියෙන්නෙ උබුන්ටු ම විතරයි වෙන කිසිම os එකක් නෑ උබුන්ටු වලට ආධුනිකයෙකුට නම් මේක ඒ තරම් සුදුසු නෑ කියලයි මම නම් හිතන්නෙ.හරි කමක් නෑ අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.

මුලින්ම ububtu cd එක හරි dvd එක හරි දාල boot කරන්න. නැත්නම් කියාදුන්නු විදියට හදාගත්ත පෙන් එකෙන්. දැන් එනව මෙන්න මේ වගේ boot මෙනු එකක්. ඒකෙ දෙවනි එක click කරන්න ඒ කියන්නෙ Install Ubuntu කියන එක.

 ඊළඟට මේ මෙනු එක එනව මෙතනින් try කියන එකෙන් ගියොත් කම්පියුටර් එකේ කිසි වෙනසක් කරන්නෙ නැතුව උබුන්ටු මෙනවගේ එකක්ද කියල බලන්න පුලුවන්. os එක රන් වෙන්නෙ cd එක උඩ් ඒ නිසා ටිකක් slow(හැම ඩිස්ට්‍රෝ එකකම මෙහෙම බලන්න බෑ) කොහොම හරි මේකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් os එක ගැන. os එක ඉන්ස්ටෝල් කරගන්න ඔන නම් install ubuntu කියන එක ඔබන්න.

මේකෙ Download updates while installing කියන එකට හරි       දාන්න ඔන වේගවත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙනවනම් විතරයි නැත්තම් ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලා යවි.install this third-party software කියන එකටත් හරි දාන්න.
                                                       
මෙතන තමයි ගොඩක්ම වැදගත් තැන මෙතන මෙතනින් තමයි උබුන්ටු ඉන්ස්ටෝල් කරන තැන තීරණය කරන්නෙ.
                                 
 
කොහොම උනත් මම කියල දෙන්නෙ manual partition කරන විදිය නැත්තම් නා ගන්න වෙන නිසා. ඔයාල මෙතනින් Something else කියන එක select කරල forward button එක click කරන්න.
ඊළඟට කරන්න තියෙන්නෙ partition කරන වැඩේ මේක ගොඩක් පරිස්සමින් කරන ඔන. උදාහරණයක් විදියට අපි හිතමු අපට ඔන අපේ 320 GB hard disk එක 100GB කොටස් දෙකයි 60GB කොටස් දෙකකටයි partition කරල් එක 60GB කොටසකට උබුන්ටු දාගන්න ඔන කියල. එතකොට අපි හදාගන්න ඔන partition ප්‍රමාණ්ය.
100GB – දෙකයි
60GB - දෙකයි 
 
මුලු partition ගණන හතරයි .ඒ උනත් උබුන්ටු දා ගන්න අපි අඩුමතරමෙ උබුන්ටු වලට විතරක්ම partitions තුනක් හදා ගන්න ඔන. එහෙම බැලුවෙත් මෙන්න මේ තරම් partitions ගණනක් අවශ්‍ය වෙනව.
100GB – දෙකයි
60GB – 1
x GB -1
y GB -1
z GB -1 
 
මුලු partitions ගණන 6 වෙනව. අපි 60GB එකකටනෙ උබුන්ටු දාන්න හිතාගෙන හිටියෙ ඒ 60GB එක තමයි x , y , z කියල කොටස් තුනකට බෙදුවෙ. ඊළඟට බලමු කොහොමද මේව බෙදන්නෙ කියල
මම කලින් කිව්වනෙ උබුන්ටු දා ගන්න අඩුම තරමෙ partitions තුනක් වත් හදා ගන්න ඕන කියල, ඒ partitions තුන root , boot හා swap කියල හදුන්වනව.
swap – මෙයා හදන්න ඔන ram එක වගේ දෙගුණයක්.
boot(/boot) – මෙයා 200 mb වගේ ගානක් දුන්නාම ඇති.
root(/) - මෙයාට තමයි වැඩිපුරම ඉඩ ප්‍රමාණයක් දෙන්න ඔන.
උදාහරණයක් විදියට අපේ 60GB partitions එක මෙන්න මේ විදියට තමයි බෙදෙන්නෙ
swap- ram එක 1gb(1024 mb) කියල හිතුවොත් swap එක 2048 mb දෙන්න .
boot- 250 mb
root -60 gb වලින් swap හා boot partitions වලට යන ගණන අයින් කරහම එන ප්‍රමාණය. (ආසන්නව 56GB වගේ)
ඔන්න ඔය විදියට තමයි partitions කරගන්න ඔන (මේක කරන්න පුලුවන් සරලම ක්‍රමයක් විතරයි මීට වඩා ගොඩක් Advanced විදියට කරන්න පුලුවන්)
උඩ තියෙන වගේ එකකින් තමයි partitions කරන්න දෙන්නෙ. ඔය තියෙන්නෙ කොටස් හතරකට බෙදෙපු hard disk එකක්. add කියන button එක click කරහම පහල තියෙන වගේ වින්ඩෝ එකක් එනව ඒකෙන් තමයි හදන partitions එකේ ප්‍රමාණය,ෆොමැට් එක, mount point එක(එ කිව්වෙ root boot swap කියන එක) තෝරන්නෙ.
 
format type- වින්ඩෝස් වල තියෙන්නෙ ntfs කියල format එකක් කියල ඔයාල දන්නවනෙ ? ඒ වගේ උබුන්ටු වලත් තියෙනව format type කිහිපයක් අලුතෙන්ම ආපු ටයිප් එක තමයි Ext4 කියන වර්ගය. Ubuntu තියන partitions (/)එක අනිවාර්‍යෙන්ම මේ ext ටයිප් එකකට format කරන්න ඔන. boot එකත් එ විදියටම තමයි.අපි කලින් හදන්න හිතන් හිටි partition table එකේ 100 gb කොටස් දෙකක් තිබුනනෙ.ඒව වඩා හොඳයි ntfs වලට format කරොත්. මොකද හදිස්සියෙවත් වින්ඩෝස් තියෙන කම්පියුටර් එකකට hard disk එක හයි කරල බලන්න උනොත් එහෙම පොඩි අවුලක් වෙනව ext4 type එක වින්ඩෝස් වලදි පේන්නෙ නැති නිසා.
 
ඊළඟට තියෙන්නෙ time zone එක තෝරගන්න.
                                              
keyboard layer එක තෝරන්න.
වෙනස් කරන්න එපා default එන එකම තියන්න.

7.user name password ලබා දෙන්න.
  
Complete
 
ඊළඟට ඉන්ස්ටෝල් කිරීම ඉවර කරන්න තියෙන්නෙ.
 
 
ඔන්න ඔහොමයි සම්පූර්නෙන්ම උබුන්ටු ගහගන්නවන්ම් වැඩේ කරන්නෙ... 
තව එකයි කියල දෙන්න තියෙන්නේ...
හැබැයි මේකයි වින්ඩෝව්ස් ඇතුලෙ ඉන්ස්ටෝල් කියල දුන්න මතකද ඒ වගේම තමා ඊලග එකත්... කමක් නැ එකම දේ උනත් ක්‍රම කීපයකට ඉගෙනගත්තම වටිනවනේ... 
අතෙන්ම කාල කාල 5ස්ටාර් හොටෙල් එකට ගිය දාකට හැන්ද ගැරෙප්පුවෙන් කන්න ඉගෙනගෙන තිබ්බ කියල වැඩි වෙන් නෑ... එහෙනම් ඩුවල් බූට් ගැනත් අරන් රුකා ආයි එන්නම් ඉක්මනින්ම... බායී...

Windows තුලම උබුන්ටු Install කරන හැටි කියන්නයි හදන්නේ...

දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ  ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. නැත්නම් "නෑ..." ගාන් නැතුන් කලින් ලිපි කියවල එන්න ගිහින්...
හරි එහෙනම් අපි පටන් ගමු.

ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.
උබුන්ටු වල තියෙන තවත් ලස්සන පහසුකමක් තමා උබුන්ටු පරිගණකයට ස්ථාපනය නොකොට අත්හදා බැලීමට පුලුවන් වීම. ඒ ගැන මෙතනදී පොඩ්ඩක් කථා කරන්නම්. එම පහසුකම ගැන සම්පූර්ණ ලිපියක් බලාපොරත්තු වන්න.
දැන් පෙර ලිපියේ සඳහන් වූ පරිදි boot order එක වෙනස් කරාට පස්සේ ඔබ තෝරා ගත් පරිදි උබුන්ටු CD එකින් හෝ Pen Drive එකින් බූට් වීමට පටන් ගනී. මුලින්ම ඔබට ලැබෙන්නේ මෙම තිරයයි.

මෙම රූපයේ "Try Ubuntu" යන්න ක්ලික් කිරීමෙන් ඔබට උබුන්ටු ස්ථාපනය නොකරම අත්හදා බලන්න පුලුවන්. මෙහිදි සාමානය්ය මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන ආකාරයෙන්ම ඔබගේ ෆයිල් සොයාගන්න, පින්තූර බලන්න, අන්තර්ජාලයේ සැරි සරන්න වාගේ සාමානය්ය වැඩ ටික කරගන්න පුලුවන්. දැන් ඉතින් ඔබට හිතෙනවා නම් උබුන්ටු දාගෙනම බලන්න ඕනේ කියලා ඒක පහත තිර සටහනේ තියෙන පරිදි "Install Ubuntu"අයිකනය ක්ලික් කරන්න.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය.
හරි... මූලිකවම උබුන්ටු ඔබේ පරිගණකයට ස්ථාපනය කල හැකි ආකාර 4ක් තිබෙනවා. ඒවා නම්.
  1. වර්චුවල් මැෂින් භාවිතා කිරීම.
  2. වින්ඩෝස් තුල උබුන්ටු ස්ථාපනය කිරීම.
  3. වින්ඩෝස් ඉවත් නොකොට වෙනම උබුන්ටු ස්ථාපනය කිරීම.
  4. සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් ස්ථාපනය කිරීම. 
වර්චුවල් මැෂින් යනු තමා භාවිතා කරන පරිගණකය තුලම සත්යාසන්න( එනම් ඇත්ත වශයෙන්ම නොපවතින ) පරිගණකයක් සාදා ගන්න පුලුවන් මෘදුකාංගයකි. එනම් පරිගණකයක භාවිතා වන සියළුම අංග ඇතුලත් මනඃකල්පිත පරිගණකයක් දැනට අපි භාවිතා කරන පරිගණකය තුලම නිර්මාණය කර ගැනීමක්. එසේ සදා ගන්නා පරිගණකය තුල ඔබට ඕනෑ පරිදි අත්හදා බැලීම භාවිතා වන පරිගණකයට හානියක් නොවන අයුරින් සිදුකර ගැනීමට මෙම මෘදුකාංගය ම්ඟින් පහසුකම් සපයා ඇත. එමගින් තමන් දැනට භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට වෙනසක් නොකොට වෙනත් මෙහෙයුම් පද්ධතියක් හෝ කිහිපයක් භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. මෙය බොහෝ දෙනෙක් භාවිතා කරන සුලභ මෘදුකාංගයකි. මෙහිදී මම මෙම වර්චුවල් මැෂින් භාවිතා කොට උබුන්ටු ස්ථාපනය කරන ආකාරය ගැන කථා කරන්නේ යන්නේ නෑ. මොකද අපි වර්චුවල් මැෂින් භාවිතා කරන්නේ අපි දැනට භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට වෙනසක් කිරීමට අකැමති නම්නේ. හැබැයි එහෙම අත්හදා බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ යාලුවෙක්ගෙ මේ වගේම ලියන blog එහෙක මම දැක්ක සුප්පට සීන් එක කියලදීල තියෙනවා... කතෘ ගැනත් කියන්න එපැයී. නේද? මනූශ කියන අපෙ ඉස්කෝලෙම ඒ කාලෙ එකට හිටිය අයිය කෙනෙක්ගෙ වැඩක් මේ. හරි කොහොමහරි එහෙම වර්චුවල් මැෂින් එහෙකින් වැඩේ try කර්ල බලන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙන්න පහලින් ඒ මං කිව්ව පෝස්ටුවට යන පාරත් මෙතනම දැම්මා...
ඒක කියවනවනම් මේං මේ රූපෙ ඔබල ඉන්ටකෝ...

http://usefulleverything.blogspot.com/2016/11/vmware-easy-install-ubuntu-in-vmware.html







හරි ඔක්කොම එක ගොඩේ නිසා අපි usb වැඩේ පොඩ්ඩක් පස්සට දාල cd එකෙන් ස්තාපනය ගැන අද කතා කරමු කියල මං හිතුවේ... හරි ඉතින් මූන ඇඹුල් කරගන්න ඕනෙ නෑ... මේ පස්සෙන්ම ඒකත් දාන්නම්ම්ම්...

වින්ඩෝස් තුලම උබුන්ටු ස්ථාපනය කිරීම.
වැඩේ පටන් ගන්න කලින් මේක කියන්න ඕනේ. මෙහෙම වින්ඩෝස් තුලම උබුන්ටු ස්ථාපනය කිරීමෙන් ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට කිසිම හානියක් වත්, වෙනසක් වත් වෙන්නෙ නම් නෑ. මේක නිකන් වෙනත් සාමානය්ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ ලේසි වැඩක්. ඔබට උබුන්ටු එපා වුනොත් අනිත් මෘදුකාංග ඉවත් කරනවා වගේ බොහොම ලේසියෙන්ම Control Panel එකට ගිහින් ඉවත් කරලා දාන්න පුලුවන්.
මේ විදිහට උබුන්ටු ඉන්ස්ටෝල් කරද්දි boot order එක වෙනස් කරන්න ඕනෙත් නෑ.

මුලින්ම ඔබ වින්ඩෝස් වලින් පරිගණකය ආරම්භ කර ඉන්පසු ඔබගේ උබුන්ටු CD එක හෝ USB Drive එක පරිගණකයට සම්බන්ධ කරන්න. එවිට පහත තිරය ඔබට දිස්වේ. එයින් "Install inside Windows"යන්න ක්ලික් කරන්න.
එවිට ඇතම්විට ඔබගේ වින්ඩෝස් ආරක්ෂණ සේවාව මඟින් පහත පරිදි අවසර ඉල්ලා සිටී. "Continue" යන්න තෝරා ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න.

ඉන්පසු ඔබට පහත පරිදි Ubuntu Installer නම් වූ වින්ඩෝව ලැබේ.

  1. Installation drive:
    මෙය ඔබ උබුන්ටු ඉන්ස්ටෝල් කිරීමට බලාපොරත්තු වන පාටිෂන් එකයි.
    මේ සඳහා ඔබට C: පාටිෂන් එක වගේම ඉඩ ඇති වෙනත් ඕනෑම පාටිෂන් එකක් භාවිතා කල හැකිය.
  2. Installation size:
    මෙය උබුන්ටු සඳහා ඔබ වෙන් කරන ඉඩ ප්‍රමානයයි. මේ සඳහා අවම වශයෙන් 1GB වත් ලබා දෙන්න. නමුත් ඔබ උබුන්ටු හොදට පාවිච්චි කිරීමට බලාපොරත්තු වෙනවා නම් අඩුම 5GB වත් දෙන්න. ඔබේ දෘඩ තැටියේ ඉඩ තියෙනවා නම් මීටත් වැඩියෙන් උබුන්ටු සඳහා ඉඩ දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ.
  3. Desktop environment:
    මෙය ඔබට දැන්මම නියමාකාරව වැටහෙන එකක් නැති වෙයි. උබුන්ටු පරිශීලක පරිසරයන් කිහිපයක්ම දැනට භාවිතා වෙනවා. Gnome, Unity, fvwm, KDE කියන්නේ ඒවගේ ඒවා තමා. මෙහිදී "Ubuntu" කියලා සඳහන් වෙන්නෙ නවතම උබුන්ටු සංස්කරණයේ භාවිතා වන Unity පරිසරයයි. ඒක කොච්චර ලස්සන, භාවිතයට පහසු එකක් ද කියලා භාවිතා කරද්දි තේරෙයි. මෙම සැකසුම වෙනස් කරන්න ඕනේ නෑ ඒ නිසා.
  4. Language:
    මෙය භාවිතා කරන භාෂාවයි. උබුන්ටු දැනට විවිධ භාෂා 55 කින් පමණ ලබාගත හැකිය. මෙතනදී සිංහල භාෂාව තෝරා ගත හැකි නමුත් භාවිතා කරද්දි වඩා පහසු English භාෂාව කියලයි මට හිතෙන්නේ. මෙය ඔබට කැමති විදිහට තීරණය කරන්න.
  5. Username:
    ඔබට කැමති නමක් ලබා දෙන්න. මෙය ඉදිරියට ඔබේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරන නම බවට පත් වන අතර පසුව ඔබට එය වෙනස් කල හැකිය.
  6. Password:
    ඉතා වැදගත්. මෙම රහස් වචනය ඉදිරියට ඔබ සිදු කරන බොහෝමයක් විධාන සඳහා අවශය්ය වන බැවින් පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් රහස් වචනයක් භාවිතා කරන්න. ඉන්පසු දෙවන කොටුවෙත් නැවත එම රහස් වචනයම සඳහන් කරන්න.
මේ සියල්ල සම්පූර්ණ කල පසු පහත ඇති "Install" බොත්තම ක්ලික් කරන්න. දැන් උබුන්ටු සාමනය්ය වින්ඩෝස් මෘදුකාංගයක් ලෙස ඔබේ වින්ඩෝස් පරිගණකයේ ස්ථාපනය වනවා ඇත.

ස්ථාපනය සාර්ථකව නිමවූ පසු පහත රූපයේ පරිදි පරිගණකය reboot(restart) කරන්න.
Click Finish
ඉන්පසු පරිගණකය නැවත පණ ගැනිවීමේදි පහත රූපයේ පරිදි භාවිතා කලයුතු මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි ඔබෙන් විමසයි. ඔබේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කර ඉන් උබුන්ටු යන්න තෝරා ඔබේ පරිගණකයෙන් උබුන්ටු වලින් වැඩ කරන්න පටන් ගන්න.

මින්පසු ඔබේ පරිගණකය පණ ගන්වන සෑම විට්කම ඔබට භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය තෝර ගැනීමට සිදු වෙන අතර ඔබට වින්ඩෝස් භාවිතා කිරීමට අවශ්යය නම් මෙම මෙනුව දිස්වූ විගස "Enter" යතුර තද කරන්න. නැතත් ඔබ තත්පර 30ක් ඇතුලත තෝරගැනීම සිදු නොකළහොත් ඔබේ පරිගණකය පෙර පරිදි ඉබෙම වින්ඩෝස් මගින් boot වීමට පටන් ගනි. එහෙනම් රුකා යන්ටයි හදන්නෙ, usb installation එකත් අරන් ඊලග පෝස්ට් එකෙන් හම්බෙන්නම්...

උබුන්ටු ස්ථාපනය කිරීම Pen එකෙන්ම කරගන්න ඒකට Pen Drive එක සකසා ගන්නා ආකාරය...

කලින් ලිපියේ අන්තිමේට කිව්ව වගේ උබුන්ටු ස්තාපනය කරන හැටි ගැන නම් පෝස්ට් එක ready දැනටත්... ඒ උනාට පස්සෙයි මතක් උනේ, ඉසල්ලම කියන්න ඕනෙ නිකන්ම CD එක්කින් කරනවනම් මහ වැඩක් නොවුනට ඔයා පෙන් එක්කින් වගේ ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නවනම් ඒකට පෙන් එක වෙනම හදාගන්න ඕනෙ. ඉතින් අද මුලින්ම ඒක කියල දෙන්නයි රුකා හදන්නේ... හරි කලින් එකේදි කථා කරපු කුමන ආකාරයට හෝ ලබාගත්තු උබුන්ටු CD එකක් හෝ ISO image ෆයිල් එකක් ඔබ ලඟ මේ වෙන කොට තියෙනවා ඇති කියලා හිතාගෙන තමා මෙතනින් පටන් ගන්න යන්නේ. මම කිව්වෙ නම් DVD එක්කට දාල සූදානම් පිට ඉන්න කියලමයී... ඒ උනාට එහෙම නෑ කියල මං දන්නවනේ... හරි හරි ඔබ ගාව තියෙන්නේ පෙර ලිපියේ සඳහන් වූ ලින්ක් වලින් ලබා ගත් ISO image ෆයිල් නම් ඔබට උබුන්ටු ස්ථාපනය කරන්න විදි 2ක් තියෙනවා. එකක් තමා ISO image එක කෙලින්ම CD එකක්ට පිටපත් කර සාමාන්ය්ය ක්‍රමයට උබුන්ටු ස්ථාපනය කර ගැනීම (මේවට තමා සජීවි සංගත තැටි හෙවත් Live CD) හා Pen drive එකක් භාවිතා කරමින් උබුන්ටු ස්ථාපනය කිරීම.
තේරීම 2 නම්, මේ සඳහා මුලින්ම දැන ගතු යුතු වන්නේ කොහොමද  Pen drive එක Bootable විදිහට සකසා ගන්නේ කියලා. අපි අන්න ඒ ගැන අද කතා කරමු. ආහ් ඒ වගේම මම කියන්න ඕනෙ කිසි කේස් එකක් නැතුන් වැඩේ කරගන්න පුලුවන් නිසා රුකා නම් නිර්දේශ කරන්නෙත් cd වැඩේ තමා ඉතින් ඈ....
එහෙනම් පාඩම පටන් ගමූ...

වින්ඩොස් භාවිතයෙන් Pen Drive එක Bootable විදිහට සකසා ගැනීම.
මේ සඳහා ඔබ මුලින්ම Universal USB Installer මෘදුකාංගය ස්ථාපනය කල යුතුයි. එම මෘදුකාංගය පහත button එක click කර්ල ලබා ගන්න.
Download USB Installer
ඊට පස්සේ පිළිවෙලින් පහත තිර සටහන් වලට අනුව ඔබේ Bootable Pen Drive එක සකසා ගන්න.
මෙහිදී ඔබගේ Pen Drive එක, FAT 16, FAT 32 හෝ NTFS ආකාරයට Format කර තිබීම අනිවාර්ය වේ. තවද මේ සඳහා Pen Drive පමණක්ම නොව මතක පත් (Memory Cards like SD, MicroSD ...etc) වුවද භාවිතා කල හැකිය.

ඔබගේ උබුන්ටු සංස්කරණය මෙම මෙනුවෙන් තෝරගන්න. 
ඔබට අවශ්ය පරිදි ඔබ භාගත කරගත් සංස්කරණය තෝරා ගත හැකිය. පෙන්වා නැතිනම් අවසාන සංස්කරණය තෝරන්න...

ඔබ භාගත කරගත් ISO එකේ ලිපිනය ලබා දෙන්න.  
මෙම Browse යන්න ක්ලික් කිරීමෙන් එය ඔබට පහසුවෙන් සිදුකල හැකිය.

ඊලඟට මතුවන වින්ඩෝවෙන් ඔබගේ iso ෆයිල් එක තෝරා දෙන්න.














Pen Drive එක bootable එකක් ලෙසට නිර්මාණය කරගන්න. 
මීලගට ඔබගේ Pen Drive එක තෝරා Create යන්න ක්ලික් කරන්න. ස්වල්ප වේලාවකින් ඔබගේ Pen Drive එක Bootable ආකාරයට සකස් වෙනවා ඇති.
 
තවද මෙම මෘදුකාංගය භාවිතයෙන් උබුන්ටු පමණක් නොව වෙනත් ඕනෑම ලිනක්ස් ඩිස්ට්‍රෝවක් Bootable Pen Drive ලෙසට සකසා ගත හැකිය. වැඩි විස්තර සඳහා එම අඩවියට මෙතනින් පිවිසෙන්න. හරි ඒ වැඩේ ගොඩනෙ. දැන් බලමු මේක...

ඔබේ පරිගණකයේ Boot order එක වෙනස් කරගන්නා ආකාරය.
මෙසේ USB Drive එකකින් හෝ CD එකකින් පරිගණකය Boot කිරීමට නම් මුලින්ම පරිගණකයේ Boot Order එක වෙනස් කල යුතුය. ඒ සඳහා ඔබේ පරිගණකයේ BIOS වලට ඔබ පිවිසිය යුතුය. බොහෝ පරිගණක ආරම්භ වන විටම F12 බොත්තම හෝ  Delete බොත්තම එබීමෙන් ඔබට BIOS වලට පිවිසිය හැකිය. (වෙනස් වෙන්න පුලුඅන් ඈ...)
ඉන්පසු පහත රූප වල පරිදි ඔබගේ Boot order එක සකසන මෙනුවට ගොස් පරිගණකය මුලින්ම boot විය යුත්තේ CD එකකින්ද, USB Drive එකකින්ද යන්න තෝරා වෙනස් කම Save කරලා BIOS වලින් ඉවත් වෙන්න. ඉන්පසු ඔබ තේරු පරිදි ඔබේ පරිගණකය CD එක මගින් හෝ USB Drive එක මගින් boot වීමට පටන් ගනී.
Phoenix BIOS වල boot order එක තිබෙන මෙනුව.
AMI BIOS වල boot order එක තිබෙන මෙනුව.
BIOS සකසන එකනම් එච්චර අමාරු වැඩක් නෙවේ. ඒ වුනත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් රුකාට කියන්න. පුලුවන් උදව්වක් අනිව කරන්නම්... ඊලග පෝස්ට් එකෙන් නම් අනිවා install කිරීමම කරමු ඈ... එහෙනම් රුකා කැපෙනෝ...
බායී...

Thursday, November 17, 2016

Install කරන්න කලින් ඔයාට ගැලපෙනම Linux ඩිස්ට්‍රෝව තෝරගමු... (OS එක කියමුකො දැනට)

අපි මේ කතා කරපු උබුන්ටු, එහෙම නැත්නම් ලිනක්ස් බේස් OS දහස් ගානක් තියෙනවා... ඉතින් මේවයින් එකක් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයකුත් තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝයි. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරයි. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි රුකාගෙ අද සූදානම. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්නකෝ...

ආහ් මේ දැන් කියන එක නම් ඔයාට කොහෙත්ම අදාල වෙන්නෙ නැ... මොකො දන්නවද මේ රුකාගෙ පෞද්ගලික අදහස... මම කියන්න ගියේ මගෙ පුද්ගලික මතය අනුව රුකා නම් දිගටම use කරන්නෙ ubuntu කියන os එක මම නම් හිතන්නෙ අනෙක් ඒවට වඩා උබුන්ටු පහසුයි කියල. අනික උබුන්ටු වලට ගොඩක් hardware device කිසි කරදරයක් නැතුව ඩිටෙක් කර ගන්නව.(ඩොන්ගල් ,ස්කෑනර් , කැමරා වගේ ඒව) Applications හා updates එහෙමත් කරදරයක් නැතුව ලබා ගන්න පුලුවන් (ඔක්කෙම දෙන්නෙ free දෙන නිසා කිසි කරදරයක් නෑ). ඔන්න ඕකයි සිද්ධිය... හරි ඒ ගැන හිතන්නෙපා ඒ ඔයාගෙ දැනගැනීමටනෙ කිව්වෙ... එහෙනම් ඔයාගෙ අභිමතය පරිදි දැන් පහත එව්වගෙන් හොද ඩිස්ට්‍රෝවක් තෝරගන්නකෝ... ඒකර්ල download කරන් ඉන්න... අපි ඊලග පියවරෙන් මේක installත් කරමු... තනියම කරන්න යන්නෙපා නාගන්න වෙයි, ඇන්ඩ්‍රොයිඩ් යූසර් කෙනෙක්ට ඇපල් එකක් දුන්න වගෙ වැඩක්නෙ ඒකයී... 

හරි එහෙනම් බණ කතා ඇති මෙන්න අද පාඩම...
පහල එව්වයින් කැමති එකක් තෝරන් උඩම තියෙන ප්‍රඩධාන පිංතූරෙ උඩ පොඩි ක්ලික් එකක් දාල අදාල සයිට් එකෙන්ම අලුත්ම අප්ඩේට් එකම බාගන්න...


Ubuntu
http://www.ubuntu.com
ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ ඇත. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.
උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.
උබුන්ටු ආරම්භක මෙනුව. 
උබුන්ටු සෙවුම.
මේ රූප වලින් පෙන්නලා තියෙන්න එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප බව දන්වා සිටිමි. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසා ඇත.
උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැනත් කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ. 
ආයෙ මතක් කරනම් රුකාගෙ තේරීම නම් උබුන්ටූ...
 
Fedora 
ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 
ෆෙඩෝරා මෙනුව
ආරම්භක තිරය

Linux mint
මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.
ලිනස්ක් මින්ට් 
ආරම්භක තිරය
 
Open Suse

Debian

Mandriva

Pc linux os

Slackware

Gentoo linux

Cent OS

තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි. සියළුම ඩිස්ට්‍රො මේ ලිපියෙන් බලා ගන්න පුළුවන්. තවත් ආස හිතෙන ඩිස්ට්‍රො කීපයක් ගැන කෙටියෙන් ලියන්නම්. ඒ ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබට ඒවා ලබාගන්නත් පුළුවන්.
  • උබුන්ටු ස්ටූඩියෝ  -  මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
  • පියර් OS  -  මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
  • සොලාරිස්  -  ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
මෙසේ සිය ගණනක් වූ ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් ඔබට ගැළපෙන ඕනෑම ඩිස්ට්‍රෝවක් නොමිලේම ලබා ගෙන එන්න ලිනක්ස් ලෝකෙට... මේ නිදහසේ ජීවත් වීමට හොඳම වෙලාවයි... උබුන්ටු සිංහලෙන් සමග සම්ප්‍රදාය වෙනස් කරමු... කොහොමහරි මේවයින් කැමති එකක් තෝරන් ඩවුන්ලෝඩ් කරගෙන CD එකකට හරි DVD එකකට හරි Write කරන්ම ඉන්න පුලුවන්නම්. එතකොට වැඩේ ලේසිටයි. මේව ඉන්ස්ටෝල් කරන්න ආකාර කිහිපයක් මම කියල දෙන්නම් ඔයාලට කැමති විදියක් තෝර ගන්න ඉතින්. ආහ් ඒ වගේම මතක් කරන්නෝනෙ මම කියල දෙන්නෙ ubuntu OS එක ඉන්ස්ටෝල් රන හැටි මූලික කරන්න්... එහෙම කියල අවුලක් නෑ අනිත් ඒවත් ගොඩක් දුරට ඒ වගේම තමයි.
ආහ් Windows වලට ගොඩ කාලයක් පුරුදු වෙලා හිටපු අයනෙ ගොඩක්ම ඉන්නෙ ඒ අයට ගැලපෙන විදියට, හුරු විදියට වැඩේ කරොත් හොදයි කියල මට හිතෙනව.
ඉතින් ඒ පෝස්ට් එකත් එක්ක ඉක්මනින්ම රුකා ආයෙ එන්නම්ම්...
ඉවසන්න...
බායී....!!!

Like and Follow on Facebook