Friday, November 18, 2016

I'm Rukaa

Windows තුලම උබුන්ටු Install කරන හැටි කියන්නයි හදන්නේ...

දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ  ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. නැත්නම් "නෑ..." ගාන් නැතුන් කලින් ලිපි කියවල එන්න ගිහින්...
හරි එහෙනම් අපි පටන් ගමු.

ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.
උබුන්ටු වල තියෙන තවත් ලස්සන පහසුකමක් තමා උබුන්ටු පරිගණකයට ස්ථාපනය නොකොට අත්හදා බැලීමට පුලුවන් වීම. ඒ ගැන මෙතනදී පොඩ්ඩක් කථා කරන්නම්. එම පහසුකම ගැන සම්පූර්ණ ලිපියක් බලාපොරත්තු වන්න.
දැන් පෙර ලිපියේ සඳහන් වූ පරිදි boot order එක වෙනස් කරාට පස්සේ ඔබ තෝරා ගත් පරිදි උබුන්ටු CD එකින් හෝ Pen Drive එකින් බූට් වීමට පටන් ගනී. මුලින්ම ඔබට ලැබෙන්නේ මෙම තිරයයි.

මෙම රූපයේ "Try Ubuntu" යන්න ක්ලික් කිරීමෙන් ඔබට උබුන්ටු ස්ථාපනය නොකරම අත්හදා බලන්න පුලුවන්. මෙහිදි සාමානය්ය මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන ආකාරයෙන්ම ඔබගේ ෆයිල් සොයාගන්න, පින්තූර බලන්න, අන්තර්ජාලයේ සැරි සරන්න වාගේ සාමානය්ය වැඩ ටික කරගන්න පුලුවන්. දැන් ඉතින් ඔබට හිතෙනවා නම් උබුන්ටු දාගෙනම බලන්න ඕනේ කියලා ඒක පහත තිර සටහනේ තියෙන පරිදි "Install Ubuntu"අයිකනය ක්ලික් කරන්න.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය.
හරි... මූලිකවම උබුන්ටු ඔබේ පරිගණකයට ස්ථාපනය කල හැකි ආකාර 4ක් තිබෙනවා. ඒවා නම්.
  1. වර්චුවල් මැෂින් භාවිතා කිරීම.
  2. වින්ඩෝස් තුල උබුන්ටු ස්ථාපනය කිරීම.
  3. වින්ඩෝස් ඉවත් නොකොට වෙනම උබුන්ටු ස්ථාපනය කිරීම.
  4. සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් ස්ථාපනය කිරීම. 
වර්චුවල් මැෂින් යනු තමා භාවිතා කරන පරිගණකය තුලම සත්යාසන්න( එනම් ඇත්ත වශයෙන්ම නොපවතින ) පරිගණකයක් සාදා ගන්න පුලුවන් මෘදුකාංගයකි. එනම් පරිගණකයක භාවිතා වන සියළුම අංග ඇතුලත් මනඃකල්පිත පරිගණකයක් දැනට අපි භාවිතා කරන පරිගණකය තුලම නිර්මාණය කර ගැනීමක්. එසේ සදා ගන්නා පරිගණකය තුල ඔබට ඕනෑ පරිදි අත්හදා බැලීම භාවිතා වන පරිගණකයට හානියක් නොවන අයුරින් සිදුකර ගැනීමට මෙම මෘදුකාංගය ම්ඟින් පහසුකම් සපයා ඇත. එමගින් තමන් දැනට භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට වෙනසක් නොකොට වෙනත් මෙහෙයුම් පද්ධතියක් හෝ කිහිපයක් භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. මෙය බොහෝ දෙනෙක් භාවිතා කරන සුලභ මෘදුකාංගයකි. මෙහිදී මම මෙම වර්චුවල් මැෂින් භාවිතා කොට උබුන්ටු ස්ථාපනය කරන ආකාරය ගැන කථා කරන්නේ යන්නේ නෑ. මොකද අපි වර්චුවල් මැෂින් භාවිතා කරන්නේ අපි දැනට භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට වෙනසක් කිරීමට අකැමති නම්නේ. හැබැයි එහෙම අත්හදා බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ යාලුවෙක්ගෙ මේ වගේම ලියන blog එහෙක මම දැක්ක සුප්පට සීන් එක කියලදීල තියෙනවා... කතෘ ගැනත් කියන්න එපැයී. නේද? මනූශ කියන අපෙ ඉස්කෝලෙම ඒ කාලෙ එකට හිටිය අයිය කෙනෙක්ගෙ වැඩක් මේ. හරි කොහොමහරි එහෙම වර්චුවල් මැෂින් එහෙකින් වැඩේ try කර්ල බලන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙන්න පහලින් ඒ මං කිව්ව පෝස්ටුවට යන පාරත් මෙතනම දැම්මා...
ඒක කියවනවනම් මේං මේ රූපෙ ඔබල ඉන්ටකෝ...

http://usefulleverything.blogspot.com/2016/11/vmware-easy-install-ubuntu-in-vmware.html







හරි ඔක්කොම එක ගොඩේ නිසා අපි usb වැඩේ පොඩ්ඩක් පස්සට දාල cd එකෙන් ස්තාපනය ගැන අද කතා කරමු කියල මං හිතුවේ... හරි ඉතින් මූන ඇඹුල් කරගන්න ඕනෙ නෑ... මේ පස්සෙන්ම ඒකත් දාන්නම්ම්ම්...

වින්ඩෝස් තුලම උබුන්ටු ස්ථාපනය කිරීම.
වැඩේ පටන් ගන්න කලින් මේක කියන්න ඕනේ. මෙහෙම වින්ඩෝස් තුලම උබුන්ටු ස්ථාපනය කිරීමෙන් ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට කිසිම හානියක් වත්, වෙනසක් වත් වෙන්නෙ නම් නෑ. මේක නිකන් වෙනත් සාමානය්ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ ලේසි වැඩක්. ඔබට උබුන්ටු එපා වුනොත් අනිත් මෘදුකාංග ඉවත් කරනවා වගේ බොහොම ලේසියෙන්ම Control Panel එකට ගිහින් ඉවත් කරලා දාන්න පුලුවන්.
මේ විදිහට උබුන්ටු ඉන්ස්ටෝල් කරද්දි boot order එක වෙනස් කරන්න ඕනෙත් නෑ.

මුලින්ම ඔබ වින්ඩෝස් වලින් පරිගණකය ආරම්භ කර ඉන්පසු ඔබගේ උබුන්ටු CD එක හෝ USB Drive එක පරිගණකයට සම්බන්ධ කරන්න. එවිට පහත තිරය ඔබට දිස්වේ. එයින් "Install inside Windows"යන්න ක්ලික් කරන්න.
එවිට ඇතම්විට ඔබගේ වින්ඩෝස් ආරක්ෂණ සේවාව මඟින් පහත පරිදි අවසර ඉල්ලා සිටී. "Continue" යන්න තෝරා ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න.

ඉන්පසු ඔබට පහත පරිදි Ubuntu Installer නම් වූ වින්ඩෝව ලැබේ.

  1. Installation drive:
    මෙය ඔබ උබුන්ටු ඉන්ස්ටෝල් කිරීමට බලාපොරත්තු වන පාටිෂන් එකයි.
    මේ සඳහා ඔබට C: පාටිෂන් එක වගේම ඉඩ ඇති වෙනත් ඕනෑම පාටිෂන් එකක් භාවිතා කල හැකිය.
  2. Installation size:
    මෙය උබුන්ටු සඳහා ඔබ වෙන් කරන ඉඩ ප්‍රමානයයි. මේ සඳහා අවම වශයෙන් 1GB වත් ලබා දෙන්න. නමුත් ඔබ උබුන්ටු හොදට පාවිච්චි කිරීමට බලාපොරත්තු වෙනවා නම් අඩුම 5GB වත් දෙන්න. ඔබේ දෘඩ තැටියේ ඉඩ තියෙනවා නම් මීටත් වැඩියෙන් උබුන්ටු සඳහා ඉඩ දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ.
  3. Desktop environment:
    මෙය ඔබට දැන්මම නියමාකාරව වැටහෙන එකක් නැති වෙයි. උබුන්ටු පරිශීලක පරිසරයන් කිහිපයක්ම දැනට භාවිතා වෙනවා. Gnome, Unity, fvwm, KDE කියන්නේ ඒවගේ ඒවා තමා. මෙහිදී "Ubuntu" කියලා සඳහන් වෙන්නෙ නවතම උබුන්ටු සංස්කරණයේ භාවිතා වන Unity පරිසරයයි. ඒක කොච්චර ලස්සන, භාවිතයට පහසු එකක් ද කියලා භාවිතා කරද්දි තේරෙයි. මෙම සැකසුම වෙනස් කරන්න ඕනේ නෑ ඒ නිසා.
  4. Language:
    මෙය භාවිතා කරන භාෂාවයි. උබුන්ටු දැනට විවිධ භාෂා 55 කින් පමණ ලබාගත හැකිය. මෙතනදී සිංහල භාෂාව තෝරා ගත හැකි නමුත් භාවිතා කරද්දි වඩා පහසු English භාෂාව කියලයි මට හිතෙන්නේ. මෙය ඔබට කැමති විදිහට තීරණය කරන්න.
  5. Username:
    ඔබට කැමති නමක් ලබා දෙන්න. මෙය ඉදිරියට ඔබේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරන නම බවට පත් වන අතර පසුව ඔබට එය වෙනස් කල හැකිය.
  6. Password:
    ඉතා වැදගත්. මෙම රහස් වචනය ඉදිරියට ඔබ සිදු කරන බොහෝමයක් විධාන සඳහා අවශය්ය වන බැවින් පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් රහස් වචනයක් භාවිතා කරන්න. ඉන්පසු දෙවන කොටුවෙත් නැවත එම රහස් වචනයම සඳහන් කරන්න.
මේ සියල්ල සම්පූර්ණ කල පසු පහත ඇති "Install" බොත්තම ක්ලික් කරන්න. දැන් උබුන්ටු සාමනය්ය වින්ඩෝස් මෘදුකාංගයක් ලෙස ඔබේ වින්ඩෝස් පරිගණකයේ ස්ථාපනය වනවා ඇත.

ස්ථාපනය සාර්ථකව නිමවූ පසු පහත රූපයේ පරිදි පරිගණකය reboot(restart) කරන්න.
Click Finish
ඉන්පසු පරිගණකය නැවත පණ ගැනිවීමේදි පහත රූපයේ පරිදි භාවිතා කලයුතු මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි ඔබෙන් විමසයි. ඔබේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කර ඉන් උබුන්ටු යන්න තෝරා ඔබේ පරිගණකයෙන් උබුන්ටු වලින් වැඩ කරන්න පටන් ගන්න.

මින්පසු ඔබේ පරිගණකය පණ ගන්වන සෑම විට්කම ඔබට භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය තෝර ගැනීමට සිදු වෙන අතර ඔබට වින්ඩෝස් භාවිතා කිරීමට අවශ්යය නම් මෙම මෙනුව දිස්වූ විගස "Enter" යතුර තද කරන්න. නැතත් ඔබ තත්පර 30ක් ඇතුලත තෝරගැනීම සිදු නොකළහොත් ඔබේ පරිගණකය පෙර පරිදි ඉබෙම වින්ඩෝස් මගින් boot වීමට පටන් ගනි. එහෙනම් රුකා යන්ටයි හදන්නෙ, usb installation එකත් අරන් ඊලග පෝස්ට් එකෙන් හම්බෙන්නම්...

Related Posts:

Like and Follow on Facebook