Thursday, November 17, 2016

I'm Rukaa

Install කරන්න කලින් ඔයාට ගැලපෙනම Linux ඩිස්ට්‍රෝව තෝරගමු... (OS එක කියමුකො දැනට)

අපි මේ කතා කරපු උබුන්ටු, එහෙම නැත්නම් ලිනක්ස් බේස් OS දහස් ගානක් තියෙනවා... ඉතින් මේවයින් එකක් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයකුත් තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝයි. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරයි. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි රුකාගෙ අද සූදානම. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්නකෝ...

ආහ් මේ දැන් කියන එක නම් ඔයාට කොහෙත්ම අදාල වෙන්නෙ නැ... මොකො දන්නවද මේ රුකාගෙ පෞද්ගලික අදහස... මම කියන්න ගියේ මගෙ පුද්ගලික මතය අනුව රුකා නම් දිගටම use කරන්නෙ ubuntu කියන os එක මම නම් හිතන්නෙ අනෙක් ඒවට වඩා උබුන්ටු පහසුයි කියල. අනික උබුන්ටු වලට ගොඩක් hardware device කිසි කරදරයක් නැතුව ඩිටෙක් කර ගන්නව.(ඩොන්ගල් ,ස්කෑනර් , කැමරා වගේ ඒව) Applications හා updates එහෙමත් කරදරයක් නැතුව ලබා ගන්න පුලුවන් (ඔක්කෙම දෙන්නෙ free දෙන නිසා කිසි කරදරයක් නෑ). ඔන්න ඕකයි සිද්ධිය... හරි ඒ ගැන හිතන්නෙපා ඒ ඔයාගෙ දැනගැනීමටනෙ කිව්වෙ... එහෙනම් ඔයාගෙ අභිමතය පරිදි දැන් පහත එව්වගෙන් හොද ඩිස්ට්‍රෝවක් තෝරගන්නකෝ... ඒකර්ල download කරන් ඉන්න... අපි ඊලග පියවරෙන් මේක installත් කරමු... තනියම කරන්න යන්නෙපා නාගන්න වෙයි, ඇන්ඩ්‍රොයිඩ් යූසර් කෙනෙක්ට ඇපල් එකක් දුන්න වගෙ වැඩක්නෙ ඒකයී... 

හරි එහෙනම් බණ කතා ඇති මෙන්න අද පාඩම...
පහල එව්වයින් කැමති එකක් තෝරන් උඩම තියෙන ප්‍රඩධාන පිංතූරෙ උඩ පොඩි ක්ලික් එකක් දාල අදාල සයිට් එකෙන්ම අලුත්ම අප්ඩේට් එකම බාගන්න...


Ubuntu
http://www.ubuntu.com
ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ ඇත. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.
උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.
උබුන්ටු ආරම්භක මෙනුව. 
උබුන්ටු සෙවුම.
මේ රූප වලින් පෙන්නලා තියෙන්න එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප බව දන්වා සිටිමි. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසා ඇත.
උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැනත් කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ. 
ආයෙ මතක් කරනම් රුකාගෙ තේරීම නම් උබුන්ටූ...
 
Fedora 
ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 
ෆෙඩෝරා මෙනුව
ආරම්භක තිරය

Linux mint
මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.
ලිනස්ක් මින්ට් 
ආරම්භක තිරය
 
Open Suse

Debian

Mandriva

Pc linux os

Slackware

Gentoo linux

Cent OS

තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි. සියළුම ඩිස්ට්‍රො මේ ලිපියෙන් බලා ගන්න පුළුවන්. තවත් ආස හිතෙන ඩිස්ට්‍රො කීපයක් ගැන කෙටියෙන් ලියන්නම්. ඒ ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබට ඒවා ලබාගන්නත් පුළුවන්.
  • උබුන්ටු ස්ටූඩියෝ  -  මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
  • පියර් OS  -  මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
  • සොලාරිස්  -  ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
මෙසේ සිය ගණනක් වූ ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් ඔබට ගැළපෙන ඕනෑම ඩිස්ට්‍රෝවක් නොමිලේම ලබා ගෙන එන්න ලිනක්ස් ලෝකෙට... මේ නිදහසේ ජීවත් වීමට හොඳම වෙලාවයි... උබුන්ටු සිංහලෙන් සමග සම්ප්‍රදාය වෙනස් කරමු... කොහොමහරි මේවයින් කැමති එකක් තෝරන් ඩවුන්ලෝඩ් කරගෙන CD එකකට හරි DVD එකකට හරි Write කරන්ම ඉන්න පුලුවන්නම්. එතකොට වැඩේ ලේසිටයි. මේව ඉන්ස්ටෝල් කරන්න ආකාර කිහිපයක් මම කියල දෙන්නම් ඔයාලට කැමති විදියක් තෝර ගන්න ඉතින්. ආහ් ඒ වගේම මතක් කරන්නෝනෙ මම කියල දෙන්නෙ ubuntu OS එක ඉන්ස්ටෝල් රන හැටි මූලික කරන්න්... එහෙම කියල අවුලක් නෑ අනිත් ඒවත් ගොඩක් දුරට ඒ වගේම තමයි.
ආහ් Windows වලට ගොඩ කාලයක් පුරුදු වෙලා හිටපු අයනෙ ගොඩක්ම ඉන්නෙ ඒ අයට ගැලපෙන විදියට, හුරු විදියට වැඩේ කරොත් හොදයි කියල මට හිතෙනව.
ඉතින් ඒ පෝස්ට් එකත් එක්ක ඉක්මනින්ම රුකා ආයෙ එන්නම්ම්...
ඉවසන්න...
බායී....!!!

Related Posts:

Like and Follow on Facebook