ඉගෙන ගමු !

Free OS ගැන අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් අහල අපිත් ඉගෙනගමූ...

උගන්නමු !

Linux, Ubuntu වගෙ දේ ගැන අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් අපෙ යාලුවන්ටත් කියල දෙමු...

සම්ප්‍රදායෙන් පිට පනිමු!

Windows, Windows, Windows කියල ඕකම බදාගෙන ඉන්න සමාජෙ ඇතුලෙ, අපි ඊට පිටින් ටිකක් වෙනස් දෙයක් කර්ල බලමු?

නිදහස් වෙමු!

හයියෝ සමහරු virus කියයි, ලැපට පෙන් එකක් ගහන්න බයයි, slow වෙලා කියල නහයෙන් අඩයි! අපි ඔය ප්‍රශ්න ඔක්කොම අතාරිමූ...

අත්හදා බලමු !

OS එක මාරු කරනව කියන්නෙ මහා ලොකු අමාරු දෙයක් වගේ සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලල තහවුරු කරගමු...

Thursday, April 12, 2018

උබුන්ටු usersල හැමෝටම තියෙන ලොකුම ගැටලුවක් වෙන සිංහල ඩික්ෂනරියක්? ප්‍රශ්නෙට පිළිතුර මෙන්න...


උබුන්ටු මෙහෙයුම් පද්ධති භාවිතා කරන ඔබට ලංකාවේ නිපදවු පලවෙනි සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය ඔබට හදුන්වාදීමටයි සුදානම් වෙන්නේ.

අපේ රටේ වැඩි දෙනෙක් බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන සැලකිය යුතු පිරිසක්ද සිටිනවා. ඉතින් ඒ අයට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

මෙය පයිතන් භාවිතයෙන් ලිනක්ස් කර්නල් එක තුලම සංවර්ධනය කළ මෘදුකාංගයක් නිසා වයින් වැනි වින්ඩොස් මෘදුකාංග ධාවානයට අතරමැදි මෘදුකාංගයක් බාවිතා කිරීමට තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ...



දැනට check කරල තියෙන ආකාරයට අනුව පහල විදියට තමයි මේ ඩික්ෂනරිය වැඩ කරනවයි කියන්නේ...
 
Debian Base
    Kali Linux - Worked
    Ubuntu - Worked
    Parrot Linux - Worked
    Zorin Os - Worked
    Elementary Os - Not Worked

Red Hat Base
    Fedora - Worked
    Open Suse - Worked

Packman Base

    Manjaro Linux - Not Worked


Download කරගන්න කලින් වැඩිදුර තොරතුරු ටිකක්...
    Software Name : Sinhala English Dictionary
    File size : 17 MB
    Requirements : Linux
    License : Free
    Publisher website : www.linuxworldz.wordpress.com
 


එහෙනම් මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න...
Download Sinhala_Dictionary.zip

Install කරගන්න දැන් නැත්නම් මේක බලල මේ විදියට කරන්න...

එහෙනම් අදට රුකා කැපෙනවා. 
බුදුසරණයි ඔබට ජය!

Tuesday, March 27, 2018

උබුන්ටු මෙහෙයුම් පද්ධතියට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි බලමු අද...

මාස ගානකින්ම වගේ අලුතින් මුකුත් ලියන්න බැරි වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.
අද අපි බලමු අපේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියට Google Chrome එකතු කරගන්නේ කොහොමද කියලා. උබුන්ටු වල එන default  එක Firefox වුනත් පුද්ගලිකව මම ඇතුළුව ගොඩාක් අය දැන් Chrome වලටත් පුරුදු වෙලා ඉන්න නිසා උබුන්ටු වලදීත් Chrome වලින් වැඩ කරන්න තියෙනව නම් හොඳයි කියලා හිතනවා ඇති.

ඉතින් වැඩිය හිතන්න දෙයක් නෑ... උබුන්ටු වලට Google Chrome දාගන්න එක හරිම ලේසි වැඩක්..
ඒ සඳහා මෙන්න මේ පහළ රූපෙ උඩ ක්ලික් කර්ල ඕපන් වෙන ලින්ක් එකට යන්නකෝ...
https://www.google.com/intl/en/chrome/browser/?hl=en&brand=CHMA&utm_campaign=en&utm_source=en-ha-row-bk&utm_medium=ha


එවිට පහත රූපයේ පරිදි ඔබට ඩවුන්ලෝඩ් පිටුව ලැබෙනු ඇති...


ඊලගටDownload Chrome බටන් එක ඔබන්න. එවිට ඔබට පහත රූපයේ විදිහට තවත් පිටුවක් ලැබෙයි...

අපි තෝරගන්න ඕනේ මේකේ මේ මුලින්ම තියෙන වර්ශන් දෙකින් එකක්.
මං කලින් පෝස්ට් වල කියල දුන්න විදියට ඔයා දාගත්තෙ 32-bit වර්ගයේ උබුන්ටු වර්ශන් එකක් නම් පළවෙනි තෝරාගැනීමද, 64-bit වර්ශන් එකක් නම් දෙවැනි තෝරගැනීමද තෝරා යටින් තිබෙන Accept and Install බටන් එක ක්ලික් කරන්න.

දැන් deb ආකාරයේ ෆයිල් එකක් විදිහට Google Chrome ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී.
මේක ගොඩක් පොඩි ෆයිල් එකක් නිසා ඉක්මනටම ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙයි...

දැන් තියෙන්නෙ ඩව්න්ලෝඩ් කරගත්තු Chrome ඉන්ස්ටෝල් කිරීම.

deb ආකාරයේ ෆයිල් උබුන්ටු වල ඉන්ස්ටෝල් කරන එක වින්ඩෝස් වල exe ආකාරයේ ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරනවටම ගොඩක් දුරට සමානයි. හැබැයි ඊටත් වඩා ලේසී... කරන්න තියෙන්නේ මෙච්චරයි අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. එතකොට පහත රූපයේ පරිදි උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එක මගින් ඒ ෆයිල් එක විවෘත වේවී.

ඊට පස්සේ ඉතින් ඔය රතු පාට ඊතලයකින් දක්වලා තියෙන Install බටන් එක ක්ලික් කරන්න. ඊටපස්සේ ඔබේ පාස්වර්ඩ් එක ඉල්ලයි. ඒක දෙන්නයි. වැඩේ ඉවරයි.

අහ් විශේෂයෙන් කියන්නෙ:
මේ රූපයේ නිල් පාට ඊතලයෙන් දක්වලා තියෙන්නේ මේ වෙද්දිත් උබුන්ටු
මගෙ පද්ධතියට දාලා තියෙන නිසා ලැබෙන පණිවිඩයයි. 

ඔයාලට මෙහෙම එකක් එන්නේ නැති වෙයි...

දෙවැනි ක්‍රමය නොහොත් ටර්මිනලයෙන් ඉන්ස්ටෝල් කරන හැටි...

මං නම් සාමාන්‍යයෙන් deb ෆයිල් ඉන්ස්ටෝල් කරන්නේ ටර්මිනල් එකෙන්.
ටර්මිනල් එකෙන් වැඩ කරන එක හරිම ජොලිනේ... ඒකනෙ ඇත්තට මේ වෙනසකටත් එක්ක කියල උබුන්ටු වලට මාරු වෙලා ඉන්නෙත්...

හරි කරන්න තියෙන්නේ කලින් කියල දීල තියෙන විදියට ටර්මිනල් එකට ගිහින් පහත කමාන්ඩ් එක ක්‍රියාත්මක කරන එක විතරයි.
    $ sudo dpkg -i google-chrome-stable_current_i386.deb

අන්තිමට තියෙන්නෙ Google Chrome ක්‍රියාත්මක කිරීම.

සාමාන්‍යය වැඩසටහනක් ක්‍රියාත්මක කරගන්නවා වගේ Dash Home එකට ගිහින් ඒකේ google chrome කියල ටයිප් කරලා බලන්න. ඔක්කොම ටයිප් කරන්නත් කලින් Google Chrome Application එකක් විදිහට Dash Home එකේ පෙනෙයි. එතනින් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

නැත්තම් ඉතින් ලේසිම විදිහ තමයි ටර්මිනල් එකක් විවෘත කරගෙන ඒකේ පහත තියෙන කමාන්ඩ් එක ටයිප් කරලා එනටර් කරන එක.
    $ google-chrome

හොදයි එහෙනම් තවත් මේ වගෙ වැදගත් වෙන ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න හැටි හෝ වෙනත් දෙයක් අරන් ආයෙත් ඉක්මනින් එන්නම්... එතකන් සුභ දවසක්... රුකා ගියා...
ඔබට ජය!




Like and Follow on Facebook