ඉගෙන ගමු !

Free OS ගැන අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් අහල අපිත් ඉගෙනගමූ...

උගන්නමු !

Linux, Ubuntu වගෙ දේ ගැන අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් අපෙ යාලුවන්ටත් කියල දෙමු...

සම්ප්‍රදායෙන් පිට පනිමු!

Windows, Windows, Windows කියල ඕකම බදාගෙන ඉන්න සමාජෙ ඇතුලෙ, අපි ඊට පිටින් ටිකක් වෙනස් දෙයක් කර්ල බලමු?

නිදහස් වෙමු!

හයියෝ සමහරු virus කියයි, ලැපට පෙන් එකක් ගහන්න බයයි, slow වෙලා කියල නහයෙන් අඩයි! අපි ඔය ප්‍රශ්න ඔක්කොම අතාරිමූ...

අත්හදා බලමු !

OS එක මාරු කරනව කියන්නෙ මහා ලොකු අමාරු දෙයක් වගේ සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලල තහවුරු කරගමු...

Sunday, November 6, 2016

හොදයි කියන Windows අතාරින්න තරම්, ඇයි මොකක්ද Free OS එක්ක ඔච්චර තියෙන හොදේ?

ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලෙස උබුන්ටු ඒ කියන්නෙ ලිනක්ස් බේස් උනු එකක් තවත් සරළම කරොත් විවෘත(Free OS) එකක්  තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. කියවන්න ලේසි වෙන්නත් එක්ක ඒවා එකින් එක කරුණු වශයෙන්ම කියන්නම්කෝ.. අමතක වෙච්ච හේතුවක් තියෙනවා නම් ඔන්න ඔයාලත් නිකන්ම කියවල නොයා අනිත් අයටත් දැනගන්න comment section එකෙන් ඒවත් එකතු කරන් යන්න ඕනෙ හොදේ....

ඔක්කොම නොමිලේ ගන්න තියෙන කොට ඇයි මංකොල්ලකන්නේ ??

ඔබ දැනටමත් Windows හෝ එවැනි වාණිජ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන අයෙක් නම් "අපි නම් Windows වලට ගෙවලා නෑ" කියලා කියන අයෙක් වෙන්න පුළුවන්, චුට්ටක් හිතලා බලන්නකෝ ඒක ඇත්තමද කියලා..?

ඔබ භාවිතා කරන ලැප්ටොප් එක හෝ පරිගණකය Windows සමඟින් ආපු එකක් නම් අර කලින් post එකේදි රුකා කිව්ව වගේ ඔබ දැනටමත් ඔබේ පරිගණකයට වැය වුන මුදල වගේ දෙතුන් ගුණයක් මෙහෙයුම් පද්ධතියට ගෙවපු කෙනෙක්. මංකොල්ලකාපු Windows  මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන තරම් පහත් වැඩක් නොකරන කෙනෙක් නම් ඔබ ඔබගේ මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සෑහෙන්න ගාණක් Microsoft සමාගමට ගෙවපු කෙනෙක්.
ඉතිං ලිනක්ස් වගේ සියල්ල සපිරි මෙහෙයුම් පද්ධති ඕනෑ තරම් නොමිලේම ගන්න තියෙද්දි ඇයි නිකන් මුදල් නාස්ති කරන්නේ ?? එහෙමත් නැත්තම් ඇයි නිකරුනේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්නේ.

වෛරස් ගැන අමතක කරන්න!

වෛරස් ආසාදන නිසා ඔබගේ පරිගණකය ඔබ කීවතාවක් නම් format කරලා ඇද්ද...? මේ ජරා වෛරස් නිසා පරිගණකය භාවිතා කරන එක කී සැරයක් නම් එපා වෙලා ඇද්ද..?
ලිනක්ස් වලට ආපු දවසේ ඉදන් වෛරස් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා නිදහසේ පරිගණකය භාවිතා කරන්න ඔබට පුළුවන්.

Drivers නම් ඕනෙම නෑ!!

අළුතින් දෘඩාංගයක්... අඩුම ගානේ HSDPA Dongle එකක් පවා භාවිතා කරන්න යනකොට Drivers ගැටළු කීයක් නම් ඔබ අත්විදලා ඇද්ද..? ලිනක්ස් එක්ක මේ සියළුම Drivers ප්‍රශ්න අමතක කරලා දාන්න ඔබට පුළුවන්. ඇත්තටම දැනට අපි නිතර භාවිතා කරන සියළුම දෘඩාංග වලට අදාළ සියළුම Drivers ලිනක්ස් කර්නල් එකේ තියෙනවා. ඉතිං ඔබට අමුතුවෙන් Drivers ගැන ළතැවෙන්න ඕනේ නෑ.

පරණ පරිගණක වලිනුත් වැඩ ගන්න...

අපි දන්නවා Windows වල අළුත් සංස්කරණ එන්න එන්න ඒවා ඉල්ලන මූලික අවශ්යතාත් වැඩි වුනා. ඒක නිසා බොහෝමයක් දෙනාට එක්කෝ තමන්ගේ පරිගණකය වැඩි දියුණු කරන්න වුනා, නැත්තම් ඒ පරණ පරිගණකය විසි කරන්න වුනා. ඒත් ලිනක්ස් වැඩි දියුණු වෙන්න වෙන්න ඉල්ලන අවශ්යතා අඩු වුනා. කොටින්ම කියනවා නම් දැන් ලොකේ තියෙන අළුත්ම ලිනක්ස් සංස්කරණයක් එක්ක වැඩ කරන්න 256MB රැම් එකක් තියෙන පරිගණකයකටත් පුළුවන්. ඊටත් වඩා කොටින්ම කියනවනම් රුකාගෙ ඒ කියන්නෙ මගෙ පොඩි කාලෙ 2003දි වගේ මම use කරපු පරණ පරිගණකය පෙන්ටියම්4 256RAM එකටත් මං එඩිබුන්ටු කියන Linux base Free OS එක ගැහුව. භාවිතයෙන් පවා ඉවත් කර්ල තිබ්බ ඒක දැන් කිරිටොයියට වැඩ. ඉතිං එහෙව් එකේ මොකටද වැඩි මුදලක් දීලා ඉල්ලන් කන්නේ...?

අළුත් මෘදුකාංග හොයන්න වටේ යන්නේ ඇයි..?

Windows භාවිතා කරද්දි මොකක් හරි අළුත් මෘදුකාංගයක් ඕන වුනොත් දස අතේ හොයන්න වෙන බව කවුරුත් දන්නවනේ. ඉතිං ලිනක්ස් එක්ක නම් එහෙම වද විදින්න ඕනෙම නෑ. මෙහෙයුම් පද්ධතියක් එක්කම ලැබෙන තවත් මෘදුකාංග මගින් ඒ ඒ අවශ්ය සියළුම මෘදුකාංග එක ක්ලික් එකකින් ඔබට ලබාගන්න පුළුවන්.

එකින් එක විස්තර කරලා ලියන්න බැරිතරමට හේතු තියෙනවා ලිනක්ස් භාවිතා කරන්න. හරි තව ටිකක් කෙටියෙන්ම ලියන්නම්කෝ.....

  • පරිගණකය සමඟ වේගයෙන් වැඩ කරන්න.
  • අවශ්ය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරගන්න.
  • අදාළ සියළුම උපදෙස් නොමිලේම ලබාගන්න.
  • කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කරගන්න.
  • පද්ධතියේ ස්ථවාර බව වැඩි කරගන්න.
මේ වගේ හේතු බොහෝමයක් තියෙනවා ලිනක්ස් වලට මාරු වෙන්න.
ඔබට දැනටමත් Windows අතඇරගන්න බැරි විශේෂ මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා.
එහෙනම් එන්න ලිනක්ස් ලෝකෙට....!
මං කිව්වේ උබුන්ටු ලෝකෙට...
මොකෝ ඉතින් ලින්ක්ස් සහ උබුන්ටු කියන්නෙ අපෙ වචන වලින් නම්,
Need For Speed සහ Most Wanted වගේ...
නැත්නම් ඉස්කෝලෙ සහ පංතිය වගේ...
තේරුනාද මන්ද...
ඒත් නැත්නම් කෙලින්ම කියන්නම්කො...
උබුන්ටු කියන්නෙත් ලින්ක්ස් වලම කෑල්ලක් තමා...
ඒ කියන්නෙ ලින්ක්ස්ම සංස්කරණය කරපු තවත් ඩිස්ට්‍රෝවක්...
ආහ්! ඊලග පෝස්ට් එකෙන් install කරන හැටි කියන්න හිටියෙ...
හොද වෙලාවට මතක් උනේ...
ඊට කලින් අපි ඩිස්ට්‍රෝ ගැන කතා කරන්න ඕනෙ...
මොකෝ ඒ ගැන අදහසක් නැතුන් ඉස්සරහට යන්නනම් අමාරුයී...
හරි හරී... ඒකෙන් පස්සෙ කෙලින්ම ගේමට බහිමු...
එහෙනම් අපි දැන්වත් හරි දේ කරමු....
අපි කිව්වට මම නම් කරා... dual boot කර කර හිටිය මමත්,
අමාරුවෙන් windows අතෑරලම දැම්මා...

Thursday, November 3, 2016

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට...

Rukaa Tricks පිටුවෙ අන්තිමට දාපු post එකෙන්ම අද මේ පිටුවෙ වැඩ අරඹන්නම් එහෙනම්...
උබුන්ටු ගැන හැම දේම දන්න සිංහලෙන් ඉගෙනගන්න මගෙ පිටුවට ගොඩ උනු ඔබව මුලින්ම සාදරයෙන් පිලිගනිමි! හරි අපි වැඩේට අත ගහමූ...

මොකක්ද ඒ මාතෘකාව???
Free OS එක්කට...???

ඔව් ඔව් ඔව්... Free OS එක්කට...
 
මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...???
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. 
හරි චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? 
භාවිතා කරනවා ඇද්ද...? 
ඉතින් දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.
 
මංකොල්ලකාපු මෘදුකාංග! ඈහ්??? ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????
අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත.
උදාහරණයක් විදියට...
Microsoft සමාගමේ Windows O/S එක $119.99 සිට ඉහලට, එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට,
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද,
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD වගේ දෙයක් ගත්තොත් $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද,
ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. 
නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්නෙ!
 
ඒ නිසා පරිගණක භාවිතා නොකර ඉන්නද???
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????
මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත. තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න සෙට් වෙන්න Linux ලෝකෙට.....

මම මේ කල්පනා කරේ...
දැන් නෙවේ අපි ඊලග පෝස්ට් එකෙන් වැඩේට අත ගහමු නේද?
මුල ඉදන්ම කියල දෙන්නම් ඉන්නකො පොඩ්ඩක්ක්...
එහෙනම් රුකා අදට කෑපෙනෝ....

Like and Follow on Facebook