කැම්පස් ලයිෆ් එකේ හිරවුනු කාලය අතරතුරෙ කාලෙකින් ආයෙත් මේ පැත්තෙ ආව, කට්ටිය කියන්නෙ උබුන්ටු හරියන් නැත්තෙ අරක බෑ මේක බෑ කියලනෙ, ප්ලේයර් නැ අරක නෑ මේක නෑ ගානවනෙ, ඒ හැමදේම හෙමින් කියල දෙන්නම්... අද සිංහල unicode දාන එක ගැන කතා කරමු එහෙනම්...
ඉතින් උබුන්ටු වල සිංහල යුනිකේත දාගන්න එක නම් හරිම ලේසි වැඩක්. සමහර අය දැනටමත්
සිංහල යුනිකේත දාගෙනත් ඇති. තාම දාගන්න බැරි වුන අය පහත උපදෙස් පරිදි සිංහල
යුනිකේත ඔයාලගේ උබුන්ටු පද්ධතියට දාගන්න.
එහෙනම් රුකා කැපුනා... ජය වේවා!
- සිංහල යුනිකේත සටහන් ලබා ගන්න.
මේ සඳහා ඔබ කල යුත්තේ පහත කොටුව තුල ඇති විධානය ටර්මිනල් එකක copy & paste කරගැනීම. මෙය සුපර් යූසර් කමාන්ඩ් එකක් බැවින් මෙය භාවිතා කිරීමට ඔබගේ පද්ධතියේ පාස්වර්ඩ් එක අවශ්‍යය වේ. එය ලබා දෙන්න.sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
- යුනිකේත වැඩ කරන ආකාරයට සකස් කර ගන්න.
ඉන්පසු පහත කොටුව තුල ඇති විධානය ටර්මිනලයට copy & paste කර enter කරන්න. මේ සඳහා ඔබට සුපර් යූසර් වීමට අවශ්‍යය නොවේ.rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
ඉන්පසු පද්ධතියෙන් log-out වී නැවත log-in වීමට සිදුවේ. නැවත restart කිරීම අවශ්‍යය නොවන අතර සාමාන්‍යය ලෙස log-out වී log-in වන්න. - යතුරු පුවරුව සකසා ගන්න.
මේ පියවර අත්‍යවශ්‍යය නොවන නමුත් ඔබගේ යතුරුපුවරුවේ configuration එක පිළිබඳව දැනුවත් වීම හොඳය. යතුරුපුවරුවේ වෙනස් කරගැනීමට පහත විධානය ලබා දෙන්න.
එවිට පහත රූප වල ඇති පරිදි නව වින්ඩෝවක් මතුවේ. රූප වල තිබෙන පරිදි වෙනස් කම් සිදු කරගන්න.ibus-setup
ibus-setup
මෙහි 1 යනුවෙන් රතු පාටින් දක්වා ඇති ස්ථානයේ ඇත්තේ සිංහල යුනිකේත ටයිප් කිරීමට අවශ්‍යය වූ විට එයට මාරු වන Keyboard short cut එකයි. මං මෙහිදී ලබා දී ඇත්තේ ctrl සම්ඟ space යතුරු තද කිරීමයි. ඔබට අවශ්‍යය යතුරු සංයෝජනය ලබා දීමට පුලුවනි.
මෙම වින්ඩෝවේ අනිත් ටැබ් දෙකෙහි රූප සටහනක් පහත දක්වා ඇත. මේවා වෙනස් කිරීම අවශ්‍යය නොවේ.

